More
    NovelsMandaramen EhaMandaramen Eha - 34 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 34 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – ලක්මාල් සිය කාර්‍යාල කාමරයට ඇතුළු වූ සැනෙන් තාරුකාගේ පුටුව හිස්ව තිබෙනු දැක එතැනම නතර වූයේය.

    “සින්නා…”

    එළියට හිස පොවා තරමක් හඬ නැඟෙන සේ කතා කොට ඔහු සිය අසුනේ හිඳගෙන කල්පනා කරන්නට වුයේය. පෙරදා රැයෙහි සමන්තී දකින්නට ගියද ඒ ගමන නිශ්ඵල වූයේ ඈ නිවසේ නොවූ නිසාය. මනසින් දැඩි පීඩාවක සිටියද, සුපුරුදු වේලාවටත් කලින් කාර්‍යාලයට පැමිණියේ තාරුකාගෙන් හෝ කිසියම් තොරතුරක් දැනගැනීමේ අපේක්ෂාවෙනි.

    “පොඩි මාතියා…කිරි කාල තමා අද,අද ඉටියා…මට රෙන්ඩු විනාඩි දෙන්ඩප්පා…”

    සින්නා හිස කසමින් එසේ කීයේ ගෞරව පෙරදැරිව සහ ආදරණීය සිනහවකිනි.

    “කෝ මේ නෝනා තාම ආවේ නැද්ද..”

    ලක්මාල් ඇසූයේ සින්නාට තාරුකාගේ මේසය දක්වමිනි.

    “යේක..නේ..මාතියා…මෝනිං කේගෙන එන ෂීදේවි නෝනා…තාම නේනේ..යේක මට අර යකා මුනියා තමා රොම්බ ෂැක…”

    “අහපු දේට උත්තර දෙනවකො මනුස්සයො…වැල්වටාරම් කියවන්නෙ මෙතන…”

    ලක්මාල්ගේ කෑගැසීමට සැබවින්ම සින්නා අඩි කිහිපයක් පසුපසට විසි වී ගියේය. ඔහු අසරණව ලක්මාල් දෙස බැලුයේ තමා ඔහුගෙන් එවන් කෑගැසීමක් බලාපොරොත්තු නොවූ නිසා විය යුතුය.

    “මං කිරි කාල අදං ෂුරුකා….”

    “මට ඕනේ කිරියක් නෑ…පලයං මිනිහෝ මෙතනින් එළියට…”

    සින්නා බියෙන් වෙව්ලමින් අඩියෙන්,අඩිය පිටුපසට ගොස් කිසිවෙකුගේ ඇඟේ හැපී නතර වූයේය. ඒ සිරිවර්ධන මුදළාලිගේ ය. සින්නා තවත් බිය වූයේය.

    “මුදළාලී මාතියා…මේ යේක පොඩි මාතියාට කිරි කාල…”

    “දැන් ඕනෙ වෙන එකක් නෑ…උඔ පලයං..ඕන වුණොත් මං කතා කරන්නම්..”

    සින්නා හිස පහත් කොට සිරිවර්ධන මුදළාලිට ආචාර කොට එතැනින් පිටව ගියේය. ලක්මාල් උන්නේ පුටුවෙන් නැඟිට සිය පියා දෙස බලාගත්වනමය. සිරිවර්ධන මුදළාලි අතින් සන් කොට ලක්මාල්ට වාඩිවන ලෙස පවසා ගොස් තාරුකාගේ පුටුවෙහි අසුන් ගත්තේය.

    “කෝ මේ ළමයා…”

    “ඒක තමා පප්පේ මං මේ සින්නගෙන්….”

    සිරිවර්ධන මුදළාලි අතින් සන් කොට ලක්මාල්ගේ කතාව නතර කළේය.

    “පොඩි ළමයා…මේ ව්‍යාපාරයේ වගකිවයුත්තා තමුන්..සේවක කාරකාදින් වැඩ කරන්න ඕනේ තමුන්ට…මේ වෙලාවෙ, මේ පුටුවෙ ඉන්න ඕන කෙනා නෑ කියලා තේ හදන මනුස්සයට කෑගනවනම් ඒක තමුන්ගේ දුර්වලකම…”

    “නෑ. මේ..පප්පේ මං සින්නගෙන්…”

    “තමුන් යටතේ වැඩ කරන ගෑණු ළමයා ආවේ නැත්තෙ ඇයි කියලා ඇහුවා…”

    “ඔව් පප්පේ…”

    “ඉතිං ඇයි ඒක තමුන් නොදන්නෙ..” ලක්මාල් නිරුත්තර වූයේය.

    “මේ ටැලිෆෝං නොම්බරේ ඒ ළමයා දන්නවා ඇතිනෙ නේද…”

    සිරිවර්ධන මුදළාලි ඇසූයේ සිය අත ලක්මාල්ගේ මේසය මත වූ දුරකතනය දෙසට දිගු කරමිනි. ලක්මාල් හිස සැලුයේය.

    “තමුන් දන්නවද ඒ ළමයව සම්බන්ධ කරගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක්..”

    “නෑ… පප්…පේ….”

    “ඒ කියන්නෙ වරද තමුන්ගෙයි ඒ ළමයගෙයි මිස අර කොහෙවත් ඉන්න සින්නගෙ නෙවේනේ..”

    “මට…සමා..වෙන්..ඩ පප්පේ..”

    “හරිනම් තමුන් සමාව ගන්නෝනෙ සින්නගෙන්…ඒත් මං එහෙම යෝජනාවක් කරන්නෑ…සේවකයො හසුරුවන්න කලිං ප්‍රධානියො හික්මිලා ඉන්නෝනෙ පොඩි ළමයා…ආන්න ඒ ඉවසීමයි,හික්මීමයි, තීක්ෂණ ණුවනයි නැතුව ව්‍යාපාර කරන්ඩ බෑ…”

    සිරිවර්ධන මුදළාලී සිය ජංගම දුරකතනය ගෙන, එය පිරික්සමින් විත්, ලක්මාල්ගේ මේසය මත තිබූ දුරකතනය වෙතට සමීප වූයේය.

    ගල්ගමුව දිසා රෝහලෙහි කොරිඩෝව දිගේ ඇවිදගෙන ආ කාලිංග, රෝහල් මිදුලෙහි සුවිසල් මාර ගස යට නවතා තිබූ සිය මේට් වර්ගයේ යතුරුපැදිය වෙතට සමීප වූයේය. ජංගම දුරකතනයක් නාද වන හඬ ඇසිණි. කාලිංග වටපිට බැලූයේ එම හඬ පැමිණෙන්නේ කිනම් දෙසකින්දැයි නිශ්චය කරගැනීමට මෙනි. හදිසියේම යමක් මතක් වූවාක් මෙන්, සිය සරම මෑත් කොට යටට ඇඳ සිටි කොට කළිසම් සාක්කුවේ වූ කුඩා ජංගම දුරකතනක් එළියට ඇද ගත්තේය. මොහොතක් එදෙස බලා සිටි ඔහු එය කණේ ගසා ගත්තේය.

    “ඔව්….ආහ්… මුදළාලී….ඕහ්.. දන්නැද්ද ඉතිං මේ මකබාවල් අපිට එච්චර හුරු නෑ නොවැ…සමාවෙන්ඩෝනේ…සමාවෙන්ඩෝනේ… දැන්ද..ගල්ගමුවෙ ඉස්පිරිතාලෙ…ඔව්නේ…ඊයේ රෑ අපේ අම්මට පොඩි කරදරයක් වුණා නොවැ… ඉන්නවා… ඉන්නවා…එයා තමා දැන් මේ අම්ම ළඟ ඉන්නේ..මාත් මේ ඊයේ රෑ ආපු ගමං දැනුයි යන්ඩ යන්නේ..හොඳමයි..හොඳමයි..මං එහෙම කොරන්නං..”

    කාලිංග සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට, සරම ඔසවා එය යළිත් කළිසම් සාක්කුවේ රුවා ගත්තේය. රෝහල් පරිශ්‍රයේ සිටියවුන් ඔහු දෙස බලා, සිනාසෙමින් ඉවතට ගමන් ගත්තෝය. කාලිංග ආපසු කොරිඩෝව දිගේ රෝහල් වාටිටු දෙසට ඇවිද ගියේය. තාරුකා රෝහල් වාට්ටුවේ ඇඳ පසෙකට වී සිය මව දෙස බලා සිටියාය. ඇය සුව නින්දකය. මුහුණේ දැඩි විඩාවක් සනිටුහන් වී ඇති අයුරු ඈ නිරීක්ෂණය කළාය. සිය මව නැවතත් පෙර පරිදිම හදිසියේ මෙසේ අසනීප වන්නට පටන් ගැනීම ඇයව බියට පත්කර තිබිණි. ඒ මොහොතේ කාලිංග අයියා කොහේ සිට හෝ එතැනට නොපැණියේනම් තමාත් සමන්ති අක්කාත් කුමක් කරන්නේදැයි සිහිවන විට තාරුකා නැවත,නැවතත් සලිත වී යන්නේය. කාලිංග වාට්ටුවට ඇතුළු වනු දැක තාරුකා පුදුම වූවාය. පෙරදා මුළු රැයම ඔහු සිටියේ රෝහලෙහිය. රැකියාවට නොගොස් තමා අම්මා ළඟ නතරවූයේ පිරිමින්ට ගැගැණු වාට්ටුවක නතර වීමට ඉඩ නොදෙන නිසාය.

    “ආහ්…”

    කාලිංග තමන් වෙත කුඩා ජංගම දුරකථනයක් දිගු කරගෙන සිටිනු දැක තාරුකා ප්‍රශ්නාර්ථයකින් ඔහු දෙස බලා උන්නේය.

    “ඕකේන් අර උඔගෙ මුදළාලිකාරයට ටැලිෆෝං කෝල් එකක් දීපං..”

    “මොන මුදළාලිටද අයියේ…”

    “අර උඔත් එක්ක ඔෆීසියෙ ඉන්නෙකා බං..”

    “ලක්මාල්…අයියටද..”

    “මොකා…”

    “නෑ.. මේ.. මං ඇහුවෙ ලක්මාල් මහත්තයටද කියලා…”

    “ඌ මොන මාලෙද මං දන්නෑ බං…කතා කරලා කියහං, අම්මට පොඩි කරදරයක් වුණාය, ඒක හින්දය උදේ වැඩට එන්ඩ බැරිවුණේ කියලා…”

    “මට ඔෆිස්සෙකේ නොම්බරේ මතක නෑනේ..”

    “දැන් ඔය මකබාවට එහෙං කතා කරා…නොම්බරේ හොයාගන්ඩ පුළුවන්ද බලහං..මට ඔය මල ඉලව් තේරෙන්නෑ….”

    තාරුකා මුවඟ සිහින් සිනාවක් සහිතව ජංගම දුරකතනය පිරික්සන්නට වූවාය.

    “ටැලිෆෝං කරලා ඉවරවෙලා ඔය බඩකඩෙත්‍තුව උඔ ගාවම තියාගනිං…නැත්තං ඕකුං හැමතිස්සෙම මට කතා කරලා මගෙ යකා ආරූඪ කරනවා….මං ගිහිං සමන්තියාව එක්ක එන්නං දවල්ට..ඊට පස්සෙ උඔට වැඩට යතෑකිනෙ..”

    එසේ කියූ කාලිංග පිළිතුරු ලෙස කිසිත් තාරුකාගෙන් බලාපොරොත්තු නොවීම වාට්ටුවෙන් පිටව ගියේය.

    සමන්තී සිය මහගෙදර මිදුළෙහි බංකුවට වී කවිරුට බත් කවන්නට උත්සාහ කරමින් සිටියාය.

    “අනේහ්…ඔයා කවන්නෙපා අම්මේ…මට තනියෙං කන්න පුළුවන්නෙ..”

    මුවට ළංකරනා බත් පිඩු වළකමින් කවිරූ කියන්නට වූයේය.

    “හරි ඉතිං මයෙ අම්මා කන්නකෝ.. මං මේ රසට අනලා ගුලි හදලනෙ තියෙන්නේ..”

    “ලොකු කිරිඅම්ම නං කියන්නෙ මං දැන් ලොකු හින්දා තනියෙං කන්ඩ පුරුදු වෙන්ඩ කියලා…”

    “එහෙනම් පුතා මට බත් කටක් කවනවද..”

    “අම්මා දැන් ලොකුයිනේ තනියෙං කන්න බෑද..”

    “අම්ම ආසයි පුතාට කියලා බත් කටක් කවාගන්ඩ..”

    කවිරූ සිය පිඟානෙන් ලොකු බත් ගුලියක් ගෙන සමන්තිගේ මුවෙහි එබුවේය. සමන්තී එය අපහසුවෙන් මෙන් අතෙන් මුවට ඇතුල් කරගත්තේ, සෙනහසින් සිය පුතුගේ හිස අතගාමිනි.

    “කිරිඅම්මා……”

    යනුවෙන් කෑගසාගෙන කවිරූ කඩුල්ල දෙසට දුවද්දී, සමන්තී පුදුමයෙන් මෙන් කඩුල්ල දෙසට නෙත් යොමු කළාය. ශාරිකගේ මව හීන්බණ්ඩාරමැණිකේ ගේ දෙසට එමින් සිටියාය.

    “නැන්දම්මා….”

    ඒ දෙසට ගිය සමන්තී, සිය නැන්දණියගේ දෙපා නැමැද සිටියාය. ඒ වනවිටත් හීන්බණ්ඩාරමැණිකේ පලතුරු පාර්සලයක් කවිරු අත තබා, ඔහුව කිහිළි ගන්වාගෙන අවසන් ය.

    “ඊයේ රෑ වෙච්චි සංගදිය අපි හාංකවිසියක් දැනන් උන්නෑ දූ..අර ජිල්බු ළමයගෙන් තමා මේ දැන් දැනගත්තෙ..”

    හීන්බණ්ඩාරමැණිකේ කවිරූව බංකුව මත ඉන්දවූවාය. ඔහු පළතුරු පාර්සලය බංකුව මත දිග හැර ඒවා තෝරන්නට වූයේය.

    “අපිටත් හිතාගන්න බැරිවුණා නැන්දම්මේ..හොඳ වෙලාවට අයියා ඒ වෙලාවෙම ගෙදරට ආවේ..”

    “අක්කට ආයෙම අපේ ලොකු අයියගේ සාංකාව දැනිලා වෙන්ටැ දූ…”

    “ඒ විදිහටම තමා ආයෙමත් අසනීප වුණේ…”

    “පන්සල පැත්තෙ ගෙහුං බණ්ඩාර මුත්තට බාරයක් වුණානම් නේ හොඳ…”

    “දන්නවනෙ අපේ අයියගෙ තරම නැන්දම්මේ..ජිල්බුත් එක්ක රෑම බයික්කෙකේ දාගෙන ඉස්පිරිතාලෙට ඇන්න ගියානේ..”

    “දැන් කවුදෑ අක්කා ළඟ දූ…”

    “උදේ අයියා ඇවිත් නංගිව එක්කං ගියා…මං මේ තොරතුරක් නැතුව බයේ ඉන්නේ නැන්දම්මේ…”

    “මං ජිල්බු ළමයා අතේ ලොකූට පයින්ඩයක් ඇරියා…දවල්ට ඉස්පිරිතාලෙට ගෙහුං බලලා එන්ඩය කියලා…”

    “ලොකු මාමා…”

    කවිරූ නැවතත් බංකුවෙන් පැන කඩුල්ල දෙසට දිව ගියේය. කාලිංගගේ යතුරුපැදිය විත් කඩුල්ල අසළ නතර වූයේය. ජිල්බූ සිටියේ එහි පිටුපස අසුනේ හිඳගෙනය. හීන්බණ්ඩාර මැණිකේ සහ සමන්තී එකෙනෙකාගේ මුහුණු දෙස බලා ගත්තෝය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page