More
    ArtKyra Sedgwick රූගත කිරීම් අතරතුර ලිංගිකව හැසිරුණු බව ප්‍රසිද්ධියේ...

    Kyra Sedgwick රූගත කිරීම් අතරතුර ලිංගිකව හැසිරුණු බව ප්‍රසිද්ධියේ කියූ නිළිය

    -

    spot_img

    Kyra Sedgwick – මෑතකදී පැවති වැඩසටහනක් අතරතුරදී අමෙරිකානු නිළි Kyra Sedgwick පැවසුවේ තමන් සහ සැමියා Kevin Bacon චිත්‍රපට රූගත කිරීම් අතරවාරයේදී ලිංගිකව හැසිරී ඇති බවයි. 59 හැවිරිදි හොලිවුඩ් රංගන ශිල්පිනිය රසිකයෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බැව් සඳහන් කළා.

    Kyra සහ Kevin ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන රංගන ශිල්පීන් යුවළක් ලෙසින් ප්‍රකටයි. Lemon Sky චිත්‍රපටයේ රූගත කිරීම් වලදී හමුවූ ඔවුන් 1987 වසරේදී පෙම් සබඳතාව ඇරඹුවා. ඉන් වසරකට පසුව මේ දෙදෙනා විවාහ වූ අතර Favis Bacon, Sosie Bacon යන ඔවුන්ගේ දරුවනුත් මව්පියන් සේම රංගනය තම වෘත්තිය බවට පත් කරගත්තා.

    Lemon Sky, Pyrites, Murder in the first, The Woodsman, Loverboy යන චිත්‍රපටවල මේ යුවළ එක්ව රඟපෑවා. වසර විස්සකට පසු නැවතත් Consistence චිත්‍රපටයෙන් ඔවුන් එක්ව දැකබලා ගැනීමේ අවස්ථාව නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට උදාවෙනු ඇත.

    හොලිවුඩයේ දීර්ඝතම කාලයක් එකට සිටි ආදරණීය යුවළක් ලෙස ප්‍රකට මේ දෙදෙනා සිය ගෘහ ජීවිතයේ ආදරණීය අවස්ථා, විහිළු, ඡායාරූප වීඩියෝ සමාජ මාධ්‍ය තුළින් රසිකයන් සමග බෙදාගන්නවා. වෘත්තිය ජීවිතය සහ පවුල් ජීවිතය රැක ගැනීමට ඔවුන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බැව් Kyra Sedgwick පවසා සිටියා.

    Hollywood Life ඇසුරෙනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page