NewsKolkata ලිංගික අතවරවලට එරෙහි දොස්තර අරගලය

Kolkata ලිංගික අතවරවලට එරෙහි දොස්තර අරගලය

-

spot_img

Kolkata – පසුගිය අගෝස්තු 9 වැනිදා නැගෙනහිර කොල්කටාවේදී බරපතල ලිංගික අතවරයට ලක්කොට මරාදැමුණු තිස් එක් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලමින් සිදුකරන උද්ඝෝෂණ තවම අවසන් වී නොමැති බවට වාර්තා වනවා. වෛද්‍යවරුන් ඇතුළු කොල්කටා ප්‍රාන්තයේ දහස් ගණන් වැසියන් යුක්තිය ඉල්ලමින් වීදි බැස තිබෙන අතර ඇතිවී තිබෙන අරගලකාරී තත්වය පාලනය කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නියැලෙමින් සිටිනවා. වෛද්‍ය ශිෂ්‍යාවට යුක්තිය ඉල්ලමින් තරුණ වෛද්‍යවරු සේවයට වාර්තා කර නොමැති අතර අසාධ්‍ය නොවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව පැවසෙනවා.

2012 වසරේදී දිල්ලියේ ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළ විසිතුන් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධියට පසුව මේ සම්බන්ධ නීති රීති දැඩි කළත්, කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන රජයට චෝදනා කරන්නේ ඉන් පලක් වී නොමැති බවත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළකීම වෙනුවෙන් රජය නිසි පියවර ගෙන නොමැති බවයි. පැය විසිහතරක වැඩ වර්ජනය අවසන් කරමින් ඊයේ (අගෝස්තු 18) උදෑසන ඉන්දීය වෛද්‍ය සංගමය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවමින් දන්වා සිටියේ, ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 60% ක්ම කාන්තාවන් බැවින් රෝහල් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බවයි. ඊයේ වන විට අගමැති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ පුහුණු වෛද්‍යවරුන් හයදාහක් පමණ වැඩ වර්ජනයේ නියැළෙමින් සිටින බවට වාර්තා වනවා.

Al Jazeera ඇසුරෙනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you