More
    spot_img
    NewsKolkata ලිංගික අතවරවලට එරෙහි දොස්තර අරගලය

    Kolkata ලිංගික අතවරවලට එරෙහි දොස්තර අරගලය

    -

    spot_img

    Kolkata – පසුගිය අගෝස්තු 9 වැනිදා නැගෙනහිර කොල්කටාවේදී බරපතල ලිංගික අතවරයට ලක්කොට මරාදැමුණු තිස් එක් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලමින් සිදුකරන උද්ඝෝෂණ තවම අවසන් වී නොමැති බවට වාර්තා වනවා. වෛද්‍යවරුන් ඇතුළු කොල්කටා ප්‍රාන්තයේ දහස් ගණන් වැසියන් යුක්තිය ඉල්ලමින් වීදි බැස තිබෙන අතර ඇතිවී තිබෙන අරගලකාරී තත්වය පාලනය කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නියැලෙමින් සිටිනවා. වෛද්‍ය ශිෂ්‍යාවට යුක්තිය ඉල්ලමින් තරුණ වෛද්‍යවරු සේවයට වාර්තා කර නොමැති අතර අසාධ්‍ය නොවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව පැවසෙනවා.

    2012 වසරේදී දිල්ලියේ ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළ විසිතුන් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධියට පසුව මේ සම්බන්ධ නීති රීති දැඩි කළත්, කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන රජයට චෝදනා කරන්නේ ඉන් පලක් වී නොමැති බවත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළකීම වෙනුවෙන් රජය නිසි පියවර ගෙන නොමැති බවයි. පැය විසිහතරක වැඩ වර්ජනය අවසන් කරමින් ඊයේ (අගෝස්තු 18) උදෑසන ඉන්දීය වෛද්‍ය සංගමය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවමින් දන්වා සිටියේ, ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 60% ක්ම කාන්තාවන් බැවින් රෝහල් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බවයි. ඊයේ වන විට අගමැති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ පුහුණු වෛද්‍යවරුන් හයදාහක් පමණ වැඩ වර්ජනයේ නියැළෙමින් සිටින බවට වාර්තා වනවා.

    Al Jazeera ඇසුරෙනි –

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page