More
    spot_img
    NewsIGP දේශබන්ධුට එරෙහි පෙත්සම අභියෝගයට!

    IGP දේශබන්ධුට එරෙහි පෙත්සම අභියෝගයට!

    -

    spot_img

    IGP – වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට පත් කර තිබු දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමත් සමඟම, ඔහු එම ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම්කාර පාර්ශ්වය අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක් එහි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වීමට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

    පොලිස්පතිවරයා පත්කිරීමේ බලතල විධායකය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ මැදිහත්වීම ආගමික මුහුණුවරක් ගෙන ඇතැයි කියමින් මෙම භික්ෂුන් වහන්සේලා පෙත්සම් විභාගයෙහි පාර්ශ්වකරුවන් වීමට ඉල්ලා සිටින අතර මෙසේ මෙම පෙත්සමට පාර්ශ්වකරුවන් වීමට අවසර ඉල්ලා ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති බෝදාගම චන්දිම නාහිමි හා ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමි යන භික්ෂුන් වහන්සේලා ය.

    Latest news

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...
    - Advertisement -spot_img

    The Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    The Voice 27 වන අදියරේ අවසන් මහා තරඟය පසුගියදා (මැයි 20) පැවැත්වුනා. Adam Levine, John Legend, Kelsea Ballerini, Michael...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page