More
    SportsICC Men's Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර්...

    ICC Men’s Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර් සික්ස් ලකුණු සටහනේ පෙරමුණට

    -

    spot_img

    ICC Men’s Cricket World Cup Qualifier සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය අදියරේ පළමු තරඟය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරඟය පැවැත්වුනේ නෙදර්ලන්ත කණ්ඩායම සමග බුලවායෝහිදියි.

    ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟ සියල්ලම ජයග්‍රහණය කරමින් සුපිරි හය අතරට පිවිසීම විශේෂත්වයක්. සුපිරි හය වටය පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබා ගැනීමට සමත්වුණා.

    ධනංජය ද සිල්වා පන්දු 111කදී ලකුණු 93ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න පන්දු 51කදී ලකුණු 33ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ ලකුණු 28, වනිඳු හසරංග ලකුණු 20 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගත්තා.

    නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 03 බැගින් දවාගත් අතර Saqib Zulfiqar කඩුලු 02ක් දවා ගැනීමට සමත්වුණා.

    ශ්‍රී ලංකාව රැස්කරගත් ලකුණු 213 හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 40 අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

    නෙදර්ලන්තය වෙනුවෙන් නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 67*ක් ද, බාස් ඩි ලීඩ් ලකුණු 41ක් ද, වෙස්ලි බැරේසි ලකුණු 52 ක් ලබාගත්තා.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 03ක් ද, වනිඳු හසරංග 02ක් ද, දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර කඩුලු 1 බැගින් ද ලබාගත්තා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page