Housefull 5 චිත්‍රපටය මේ දිනවල අතිශය සාර්ථක අන්දමින් තිරගත වෙමින් තිබෙනවා. පසුගිය සිකුරාදා ( ජුනි 5) එය සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹූ අතර දින පහක් ඇතුලත චිත්‍රපටය උපයාගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 110ක්. හාස්‍යජනක කතා තේමාවක් රැගත් Housefull 5 නෞකාවක සිදුවන මිනීමැරුමක් සහ එහි සිටින සැකකරුවන් තිදෙනා සහ ඔවුන්ගේ පෙම්වතියන් තිදෙනා වටා ගෙතී ඇත. Akshay Kumar, Riteish Deshmukh, Abhishek Bachchan, Fardeen Khan, Nana Patekar, Jackie Shroff, Ranjeet, Johny Lever, Jacqueline Fernandez, Nargis Fakhri, Chunky Panday, Dino Morea, Sonam Bajwa සහ Soundarya Sharma රංගනයෙන් දායක වෙනවා.
– Hindustan Times ඇසුරිනි –