Handbag එක කියන්නෙ කාන්තාවකට නැතිවම බැරි, යාලුවෙක් වගේ දෙයක්. එදිනෙදා ගමන් බිමන් වලදී ඕනෙ කරන හැමදෙයක්ම තියෙන්නෙ මේක ඇතුළෙ. අපේ හෑන්ඩ් බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ දේවල් තියෙනවා. ඒ දේවල් ඒකේ තියෙන එක ඔයාගෙ පහසුවට වගේම පරිස්සමටත් හොඳයි.

• මුදල් පසුම්බිය
මුදල්, බැංකු කාඩ්පත් වගේ අතවශ්‍ය දේවල්
• යතුරු
ගෙදර සහ ඔබ සතුව වාහනයක් තිබේ නම් ඒවායේ යතුරු
• ෆෝන් එක
එළියට යන විට ෆෝන් එක චාර්ජ් කරගෙන තියාගන්න. නැතිනම් power bank එකක් පාවිච්චි කරන්න පුළුවන්.

• වතුර බෝතලයක්
• Hand sanitizer එකක්.
පොදු ස්ථානවල සැරිසැරීමෙන් පසු දෑත් පිරිසිඳු කරගැනීම ඔබව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි.
• සනීපාරක්ෂක තුවා / Tampons
ඔබව හදිසි අවස්ථාවකින් අපහසුතාවට පත් වීමෙන් වැළකීම සඳහා.

• වේදනා නාශක ඖෂධ
පැනඩෝල්, පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධ.
• ටිෂූ, ලිප්ස්ටික්, සුවඳ විලවුන්, පනාවක්, sunscreen
ඔබට දවස පුරා නැවුම්ව සිටීම සඳහා




