Frank Caprio -කීර්තිමත් අමෙරිකානු විනිසුරුවරයෙකු සහ සමාජ මාධ්‍ය තරුවක් වන Frank Caprio අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් (අගෝස්තු 20) මියගොස් තිබෙනවා.මියයන විට ඔහුට වයස අවුරුදු 88 ක්. මරණය ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිවේදනය කර තිබුණා.ලොව හොඳම විනිසුරුවරයා (Nicest Judge In The World) ලෙසින් විරුදාවලි ලත් Frank Caprio සාධාරණව සහ දයානුකම්පිත අයුරින් කටයුතු කළ විනිසුරුවරයෙක් වශයෙන් ප්‍රකටයි. Caught In Providence වැඩසටහන ඔස්සේ ඔහු නඩු මෙහෙයවන ආකාරය සමාජ මාධ්‍ය පරිශීලකයින් බිලියන ගණනක් නරඹා තිබුණා.
– NDTV ඇසුරිනි –



