More
    spot_img
    ArtFashion ජනප්‍රියත්වය සහ මුදල් යහපත් දේ අමතක කරවයි

    Fashion ජනප්‍රියත්වය සහ මුදල් යහපත් දේ අමතක කරවයි

    -

    spot_img

    Fashion – ඇයට තිබුණේ කැරලි ගැසුන අකීකරු කෙස් කළඹක්. ඇගේ හිසකෙසුත් ඈ වගේමයි. හිතුවක්කාරයි. සිගරට්ටුවක් තරම් සිහින් සිරුර නලවමින් සොඳුරු විලාසිතාවකින් සැරසී ඈ ප්‍රේක්ෂකාගාරය වෙත එන්නේ ගොදුරක් වෙත සෙමෙන් පියමනින බැළලියකගේ ගමන සිහිපත් කරවමින්. සියල්ලන්ගේම නෙත් Shonali Gujral (Kangana Ranaut) වෙත යොමු වී තිබුණා.ඇය Supermodel කෙනෙක්.

    Fashion කියන්නෙ හරිම සුන්දර මාතෘකාවක්. කවුරුත් කැමති,මොහොතෙන් මොහොත වෙනස් වෙන,අලුත් වෙන විෂයක්. Meghna Mathur (Priyanka Chopra) ඉන්දියාවේ සම්ප්‍රදායික පවුලක හැදුණ වැඩුණ ගැහැණු ළමයෙක්. ඇයට හීනයක් තිබුණා. ඒ හීනය තමයි සුප්‍රසිද්ධ නිරූපිකාවක් බවට පත්වීම. පවුලේ අය ඒ හීනයට විරුද්ධ වූ තැන මේඝනා ඔවුන්ව හැරදමා නගරය වෙත ආවා.

    fashion

    නිරූපිකාවක් වීමේ හීනය හිතන තරම් ලෙහෙසි පහසු නොවන වග ඇයට ඉක්මනින්ම වැටහී ගියා. සුන්දර නිරූපිකාවන්ගේ ලෝකය මේඝනා සිතා සිටි තරම් සොඳුරු වූයේ නැහැ. සුප්‍රසිද්ධ ශොනාලිව ඇයට හමුවූවා. ඒ අතිදක්ෂ නිරූපිකාව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබුණා. Photoshoots, සිරුර නිරාවරණය වන ඇඳුම්,මත් ද්‍රව්‍ය මේ සියලු දේ මේඝනාට ගෙනත් දුන්නේ ආගන්තුක බවක්. පිටස්තර බවක්. නමුත් ඇය ඇගේ සිහිනය අත්හැර දැමුවේ නැහැ. බාධක,අභියෝග හමුවේ අලුත් දේවල් ඉගෙන ගනිමින්,මිනිසුන් හඳුනාගනිමින් ඈ ඉදිරියට යනවා. ටිකෙන් ටික නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගන්නට මේඝනා සමත් වෙනවා.fashion

    ඇය ජනප්‍රිය වෙමින් පැවතුණා. මාස ගණනාවකට පෙර නුපුරුදුව තිබූ දේවල් දැන් ඇයට සුපුරුදු දේවල් බවට පත්ව තිබෙනවා. ජනප්‍රියත්වය,මුදල් හමුවේ තම යහපත් ගතිපුරුදු අමතක කිරීම මනුෂ්‍ය ස්වභාවයද? ආතතියෙන් පිරී තිබුණු එක් දිනක රාත්‍රියේ ඈ සමාජ ශාලාවක් වෙත ගියා. මේඝනා අලුත් මත්ද්‍රව්‍යයක් අත්හදා බැලුවා. ඇයට මතක එපමණයි. පැය කිහිපයකින් නොදන්නා තැනක ඈ අවදිවූ විට සයනයේ අනිත් පස විශාල සිරුරැති කළු ජාතික පිරිමියෙක් වැතිරී සිටියා. සිහි එලවා ගැනීමට හැකි වූ පළමු මොහොතේම මේඝනා තම නවාතැන වෙත පැමිණියා.

    fashion

    ඇයට දැනුනේ දරාගත නොහැකි පිලිකුළක්. තමා ගැනම වෛරයක්. බොහෝ සේ සිතීමෙන් අනතුරුව ඈ තීරණයක් ගන්නවා. ඉන් පසුව මොකද වෙන්නෙ?

    මෙලොව අයහපත් ජීවන වෘත්තීන් සහ යහපත් ජීවන වෘත්තීන් යනුවෙන් කොටස් දෙකක් තිබෙනවාද? නොඑසේ නම් වෘත්තිය කුමක් වුවත්,ක්ෂේත්‍රය කුමක් වුවත් සාර්ථකත්වය කරා පියමනින්නට බලපාන්නේ අප තුළ ඇති යහපත් ආකල්ප සහ ධෛර්යමත් බව ද?

    Fashion (2008) අපූරු සිනමා අත්දැකීමක්. Madhur Bhandarkar ගේ අධ්‍යක්ෂණයක්. Priyanka Chopra Jonas, Kangana Ranaut, Mugdha Godge ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page