Electricity Amendments – ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණ වන අතර, මෙම පනත මගින් ‘ජාතික විදුලිබල උපදේශක සභාව’ වෙනුවට ‘බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය’ සකස් කිරීමට විධිවිධාන සලසන බවද සඳහන්.
‘තොග විදුලිබල වෙළෙඳපොළ’ යන්න ‘ජාතික විදුලිබල වෙළෙඳපොළ’ ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



