More
    NewsDigital සේවා සැපයුම් ආදායමට අපනයන බද්දක්!

    Digital සේවා සැපයුම් ආදායමට අපනයන බද්දක්!

    -

    spot_img

    Digital – උපයන විට බදු නිදහස් සීමාව මසකට රු.100,000.00 සිට 150,000.00 දක්වා ඉහළ ගිය බව ප්‍රකාශ වෙනවා. දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් K T චන්දන පැවසුවේ පොලී ආදායම මත මෙතෙක් අය කළ බදු අද සිට සංශෝධනය වන බවයි . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ, පොලී ආදායම් මත බදු අඩු කරද්දි කලින් තිබූ තත්වය දැනගත යුතු බවය. කුමන හෝ ආදායමක් හෝ පොලි ආදායමක් ඇත්නම් රඳවා ගැනීමේ බද්ධ අඩුකරන එක සිදුවූ නමුත් නව ක්‍රමවේදය අනුව එය සිදුවන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවා යන පුද්ගලයන්ගෙන් පමණක් බවත්ය. එම බදු අනුපාතය 10% බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මේ අතර ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විදෙස් රටවල් සඳහා Digital සේවා සපයා ලැබෙන ආදායමට 15% උපරිමයට යටත්ව බදු අය කරන සේවා අපනයන බද්ධ ද අද සිට ක්‍රියාත්මකයි. එමෙන්ම යම් දේපලක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුද අද සිට ඉහළ යනවා. ඒ අනුව රු.1000.00 හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් අය කළ රු.10.00 මුද්දර ගාස්තුව අද සිට ඉහළ යන්නේ රු.20.00 දක්වායි. කෙසේ වෙතත් උපයන විට බදු සීමාව හෙවත් Payee Tax සංශෝධනය වීමත් සමඟ මාසිකව 150.000.00 වැටුපක් ලැබූ පුද්ගලයකුගෙන් මෙතෙක් අය කළ රු.3500.00 ක බද්ද අද සිට අය කෙරෙන්නේ නැහැ. රු.200,000.00 මාසික වැටුපක් ලැබූ අයකු මීට පෙර රු.10,500.00 බද්දක් ගෙවූ අතර ඔහු දැන් ගෙවිය යුත්තේ රු.3000.00 පමණයි. එමෙන්ම ඕනෑම තැන්පතු හිමියකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත 10% ක ප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමද අද සිට ක්‍රියාත්මක වනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ වාර්ෂික ආදායම රු.1,800,000.00 අඩු පුද්ගලයින්ට තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා ගෙවන අත්තිකාරම් බදු ඉවත් කර ගැනීම සඳහා සහනයක්ද ඉල්ලා සිටිය හැකි බවයි. අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරන්නේ නම් අදාළ බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඊට අදාළ ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් වේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page