Chocolate Mug Cake – ලොකු කුඩා කාගේත් ප්‍රියතම කෑමක් වන මග් කේක්, උත්සව අවස්ථා, අතුරුපස සඳහා හෝ ඔබ කැමති ඕනෑම අවස්ථාවක ආහාරයට ගන්න පුළුවන් වගේම පහසුවෙන් සකසා ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (Mug 1 ක් සඳහා)
• පාන්පිටි මේස හැඳි 4 ක්
• සීනි මේස හැඳි 2 ක්
• කොකෝවා පවුඩර් මේස හැඳි 2 ක්
• ලුණු ස්වල්පයක්
• බේකින් සෝඩා ස්වල්පයක්
• කිරි මේස හැඳි 3 ක්
• කැනෝලා ඔයිල් ස්වල්පයක්
• වතුර ස්වල්පයක්
• වැනිලා
සාදන ක්‍රමය
• මග් එකකට ( මයික්‍රෝවේව් අවන් සඳහා සුදුසු) පිටි, සීනි, කොකෝවා පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු කිරි, කැනෝලා තෙල් සහ ජලය සහ වැනිලා බිංදුවක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිනිත්තු 1 තත්පර 45 ක් පමණ කාලයක් මයික්‍රෝවේව් උදුනේ තබා කෑමට ගන්න. කැමති නම් chocolate chips, sprinkles, whipped cream යනාදියෙන් සරසා ගැනීමට පුළුවන්. 





