More
    ArtBlack Swan ගැහැණුකමට උදාහරණයක් ඇගේ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන්

    Black Swan ගැහැණුකමට උදාහරණයක් ඇගේ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන්

    -

    spot_img

    Black Swan – ඒ අම්මා ඉන්නේ මේ සිද්ධ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිව. “What happened my sweet girl…? අම්මා දුවගෙන් ප්‍රශ්න කරන්නේ ආවේගයෙන්. දරාගත නොහැකි පුදුමයෙන්. “She is gone…!” අම්මාටත් වඩා සද්දෙන් දුව බෙරිහන් දුන්නා. තමන් මුළු ලෝකෙන්ම පරිස්සම් කෙරුව, ලෝකයක් තරම් ආදරේ කෙරුව, රෝසපාට කාමරේක ජීවත්වුන තමන්ගෙ දුවමද මේ පිස්සියෙක් වගේ හැසිරෙන්නෙ කියලා ඇයට හිතාගන්න අමාරුයි.

    Black Swan

    ඒ අම්මාට සිටියා රෝසපාට දුවෙක්. ඇය Nina Sayers. අවුරුදු විසි ගණන්වල අවසානයේ පසුවුන Nina ගොඩක් අහිංසක, girlish කෙල්ලක්. ඇය සාමාන්‍යයෙන් ඇගේ වයසෙ පසුවන අයට තියෙන අත්දැකීම් නැති බයාදු ගෑණු ළමයෙක්. ඇය බැලේ නර්තන ශිල්පිනියක්. ඇගේ ජීවිතයම වුණේ නර්තනය. ඇය සතුටු කළ ලොකුම දේ වුණේ බැලේ. පුහුණුවීම් නිසාම ඇගේ දෙපා තුවාල වී තිබුණා. ඇතිවුණේ කොහොමද කියල කියන්න හේතුවක් දන්නෙ නැති තුවාලත් ඇගේ සිහින් සියුමැලි සිරුරේ තිබුණා. බැලේ නර්තන ශිල්පිනියකගේ ජීවිතයත් නිදහසේ ඔහේ පාවෙන මෘදු පිහාටුවක් වන් බැලේ නැටුමක් තරම් සොඳුරුද…?

    Black Swan

    නිනාගෙ ලොකුම බලාපොරොත්තුව වුණේ බැලේ නර්තනයේ විශිෂ්ඨයෙකු වෙන එක. ඈ ඒ වෙනුවෙන් කරන කැපවීම මේ කතාව පුරාවටම ඔබට පැහැදිළි වේවි. පුංචි දුර්වල ගැහැණු ළමයෙක් විදිහට ඇගේ සිහිනය උදෙසා ඈ ඒ කරන කැපවීම විස්මිත එකක්. psychological thriller වර්ගයට අයිති මේ කතාව Nina ගේ සිතිවිලි ගැන, යහපත් නොවූ මානසිකත්වය ගැන, එයාගෙ අම්මගෙ හොඳ දුව විදිහට එලියට දාන්න බැරිවුන, සිරකරගෙන ඉන්න සාමාන්‍ය කෙල්ලෙකුගේ හැඟීම් ගැන. ඒව රෝගී තත්වයන් විදිහට හඳුන්වනවනං ඇයට රෝගී තත්ව එකක් නෙමේ ගොඩක් තිබුණා.

    Black Swan

     

    ඔබේ සිහින හඹා යෑමට ඔබට එරෙහිව සිටින ලොකුම බාධකය ඔබමයි. එය වටහාගත් දිනයක ඔබට හැකිවේවි ලොවම දිනන්නට. ගැහැණුකමට උදාහරණයක් ගැහැණියකගෙ පෙනුමෙන් විස්තර කරන්න පුළුවන් නං මං පෙන්නන්නෙ Natalie Portman ගෙ වගේ රූපයක්. අහිංසක, ආදරේ හිතෙන, සියුමැලි sensual පෙනුමක්. ඇය තමයි මේ කතාවෙ Nina. ඇය අපිව රිදවනවා. රිදවන්න පුළුවන් ගොඩක් විදිවලින්. ඇගේ රඟපෑම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. 2011 වසරේදී හොඳම නිළිය සඳහා වූ academy සම්මානය Natalie Portman හිමිකරගන්නේ Black Swan චිත්‍රපටයේ Nina Sayers ගේ චරිතය රඟපෑම වෙනුවෙන්.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page