Aamir Khan ගේ නවතම චිත්‍රපටය Sitaare Zameen Par හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළා. මෙය 2007 වසරේ තිරගත වූ Taare Zameen Par චිත්‍රපටයේම දිගුවක්. මෙහිදී අමීර් ඛාන් පසුබෑමට ලක් වූ පැසිපන්දු පුහුණුකරුවෙකුගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඔහුගේ නොසැළකිලිමත් බවට දඬුවමක් ලෙසින් ආබධ සහිත ක්‍රීඩකයන් කණ්ඩායමකගේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඔහුට සිදුවෙනවා. ඔහුගේ පෙම්වතියගේ චරිතය රඟ දක්වන්නේ Genelia විසින්. තමා මෙහිදී සිදුකරන්නේ තාරේ ෂමින් පාර් චිත්‍රපටයේ තම චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් බැව් අමීර් ඛාන් පවසා සිටියා. මෙම නවතම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය RS Prasanna විසින්. චිත්‍රපටය මගින් නවක නළු නිළියන් දස දෙනෙක් බොලිවුඩයට හඳුන්වා දීමට සූදානම් වග සඳහන්. චිත්‍රපටය එළඹෙන ජුනි 20 වැනිදා තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න: https://www.youtube.com/watchv=YH6k5weqwy8
– Hindustan Times ඇසුරිනි –