More
    Newsවිපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    -

    spot_img

    විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්තවීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා.

    මේ සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ගරු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී ගරු කථානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

    විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එසේම අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ගරු කථානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කරනු ලැබුවා.

    මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

    මේ සඳහා සහභාගී වූ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වා ගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page