More
    FeaturesDiogo Jota කැදැල්ල හැරදා නොඑන ගමන් ගිය පෘතුගාල පාපන්දු...

    Diogo Jota කැදැල්ල හැරදා නොඑන ගමන් ගිය පෘතුගාල පාපන්දු තරුව

    -

    spot_img

    Diogo Jota – විසි අට හැවිරිදි පෘතුගාල පාපන්දු ක්‍රීඩක Diogo Jota හා ඔහුගේ සොහොයුරු Andre Silva මෝටර් රථ අනතුරක් හේතුවෙන් පසුගිය ජූලි 3 වැනිදා මෙලොවින් සමුගත්තා. තරඟ පුහුණුවක් සඳහා සහභාගීව නැවත පැමිණෙමින් සිටියදී ස්පාඤ්ඤයේ Cernadilla ප්‍රදේශයේ දී ඔවුන් ගමන් කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රියේ ටයරයක් පිපිරීම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගිණිගෙන තිබුණා. ඔහු සහ ඔහුගේ සොහොයුරා ඒ මොහොතේම මියගොස් තිබුණා. මෑතකදී ඔහුට සිදුකරන ලද පෙණහලු ශල්‍යකර්මයක් හේතුවෙන් වෛද්‍යවරු ඔහුට ගුවන්ගමන්වල යෙදීම තහනම් කළා. තිදරු පියෙක් වූ මේ පාපන්දු තරුව තම දිගුකාලීන පෙම්වතිය Rute Cardoso සමග විවාහ වුණේ මරණයට දින කිහිපයකට ඉහතදී. එනම් පසුගිය ජුනි විසි දෙවැනිදායි. ඔහු මීළඟ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බැව් සමහරු පැවසූහ. ලාබාල වයසේදීම පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් බවට පත් වූ ඔහු ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙසින් සැළකේ. ඔහුගේ හදිසි මරණය ලොව පුරා පාපන්දු ලෝලීන් කම්පා කරවීය.

    Diogo JotaDiogo Jota

    1996 දෙසැම්බර් මස හතරවැනිදා පෘතුගාලයේ Porto හි උපත ලැබූ ඔහු නව හැවිරිදි වියේදීම පාපන්දු ක්‍රීඩා කිරීම ඇරඹුවා. එතැන් සිට වයස අවුරුදු දහ හත වෙන තෙක්ම Gondomar ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකළා. 2015 පෙබරවාරියේ දී 20 Primeira Liga තරඟාවලියට සහහාගී වූ ඔහු එම වසරේ ඉහළම ලකුණු රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වුණා. 2019 වසරේ ඔහුගේ ප්‍රමුඛත්වයෙන් මැන්චෙස්‍ටර් යුනයිටඩ් කණ්ඩායම පරාජය කිරීමට ඔවුන්ට හැකිවුණා. 2020 සැප්තැම්බර් 19 වැනිදා ඔහු දිගු කාලීන ගිවිසුමක් මත සුප්‍රකට Liverpool ක්‍රීඩා සමාජය සමග එක්වුණේ පවුම් මිලියන 45 ක මුදලකටයි. සැප්තැම්බරයේදීම ඔහු සිය පළමු තරඟ දහය තුළ ගෝල 7 ක් ලබා ගත්තා. එය වාර්තාවක් වූ අතර ඔක්තෝම්බර් මාසයේ ලිවර්පූල් ඔහුට “මාසයේ ලිවර්පූල් ක්‍රීඩකයා” සම්මානය පිරිනැමුවා. චැම්පියන්ස් ලීග් සඳහා ලිවර්පූල් සුදුසුකම් ලැබීමට ඔහුගෙන් ලැබුණේ විශාල දායකත්වයක්. 2020 ක්‍රොඒෂියාවට එරෙහිව ඔහු සිය පළමු ජාත්‍යන්තර ගෝලය වාර්තා කළා. ආබාධයක් හේතුවෙන් 2022 FIFA ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් ඔහුට අහිමි වූ අතර 2023 සැප්තැම්බරයේ ලක්සම්බර්ගයට එරෙහිව පෘතුගාලය ලබාගත් 9 -0 ජයග්‍රහණයේදී ඔහු ද්විත්ව ගෝලයක් ලබාගත්තේ ඓතිහාසික ජයග්‍රහණ අතරට එක් වෙමින්. 2024 -25 ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලිවර්පූල් ජයලබාගත් අතර එය ලිවර්පූල් වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ අවසාන තරඟයයි. 2025 වසරේ මැයි මාසයේ පෘතුගාලයේ UEFA අවසන් මහා තරඟයේ දී ස්පාඤ්ඤය පරදවා 5 – 3 ලෙසින් ඔවුන් පෘතුගාලය ජය ලැබූ අතර ඒ ඔහුගේ අවසන් තරඟයයි.

    Diogo JotaDiogo Jota

    ඔහුට සිය පෙම්වතිය මුණගැසෙන්නේ උසස් පාසල් අවධියේදී. 2012 ඔක්තෝබරයේදී පෙම්වතුන් වූ ඔවුන් දශකයකටත් අධික කාලයක් එක්ව ජීවිතය බෙදාගත්තා. ඇය ඔහුගේ සිහින කරා යෑමට ඔහුට උපකාර කළා. ලිවර්පූල් සමග එක්වීමට මසකට පෙර ඔවුන් පැවසුවේ තමන් සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. 2021 පෙබරවාරියේ ඔවුන්ගේ පුතු Dinis උපත ලැබූ අතර 2023 මාර්තු මස Duarte පුතු උපත ලැබුවා. ඔවුන්ගේ සත් මසක් වයසැති දියණිය උපත ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදී. 2025 ජුනි මස 22 වැනිදා මේ යුවළ විවාහ වුණා. එය “සිහින සැබෑවීමක්” බව ඔහුගේ ආදරණීය පෙම්වතිය පවසා තිබුණා. නමුත්, විවාහයෙන් සති දෙකක් ඉක්මවීමටත් පෙර ඔහු ඔවුන් සියල්ලන් අතැර ගොස් තිබුණා. ලාබාල අවධියේදීම සාර්ථකත්වය, ජනප්‍රියත්වය, සතුට මේ හැමදේම උපයාගත්තද තවදුරටත් ජීවත්වීමට ඔහු වාසනාවන්ත වූයේ නැහැ. ජීවිතය මොනතරම් නම් අවිනිශ්චිතද යන වග මේ සුපිරි පාපන්දු තරුවගේ සමුගැනීම ලෝකයට පසක් කරන අතර ඔහුගේ නාමය ලොවපුරා රසික හදවත්වල සදා සුරැකිව තිබෙනු ඇත.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page