Love ප්‍රේමයට තිත
එතැන් පටන් මා නිහඬ වුණෙමි
කියන්නට කතා දහසක් ඇතත්
සියල්ලට මුරඟුළු ලෑවෙමි….
හුස්මක් හෙළන තප්පර ගානට
නුඹවම සිහිවුණි
නුඹෙන්ම පිරුනෙමි…
නමුදු,
ප්‍රේමයෙන් අයිතියක් ලියාගත නොහැකි වු තැන
ප්‍රේමණීයම හදවත ගැලවුවෙමි
ගලවා විසිකෙරුවෙමි
ඉදින්,
මෙතැන් සිට මා
ආත්මයම වෙළාගත් ප්‍රේමයට
තිත තබමි…!