Newsවිදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

-

spot_img

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල අමාත්‍යවරයා පැවසුවද එය මුසාවක් බවත්, විදුලි විසන්ධියට හේතුව නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජිව පවසයි.

ඉහල කොත්මලේ බලාගාරයේ ඇත්තේ ටර්බයින දෙකක් බවත් ඉන් එකක ධාරිතාවය මෙගා වොට් 75 ක් වන අතර අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ඉන් එකක් අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියම බිඳ වැටෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. සැබෑවටම සිදුව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටීම බවත් ඊට හේතුව බාල අඟුරු බවත් පැවසු ධම්මික සංජිව සැබෑ ප්‍රශ්නය යට නොගසා ජනතාවට සත්‍යය පවසන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Dhammika Sanjeewa
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජිව

හදිසි විදුලි බිඳවැටීමකදී ඊට කඩිනම් පිළියම් යෙදීම වෙනුවට වහල මත ඇති සුර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි නිවේදන නිකුත් කිරීම ආණ්ඩුවේ අසමත්භාවය බව පැවසු ඔහු සුර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට ජනතාවට නොහැකි බවත් ඔවුන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත් පෙන්වා දුන්නේය. නොරොච්චෝලේ ප්‍රශ්නය විසඳීමට මහජන උපයෝගිතා කොමිසම ලබාදුන් උපදෙස් පිළිපදින ලෙසත්, ඩිසල් විදුලිජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ලබාගැනීමට තාවකාලිකව QR කේත ක්‍රමය අවලංගු කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you