NovelsShort Storiesආදරණිය ඒදෙරා

ආදරණිය ඒදෙරා

-

spot_img

ආදරණිය ඒදෙරා – Allison Lay

සමහරවෙලාවට වචන මී පැණි මෙනි. මිහිරි නමුදු කිසියම් රළු බවක්ද තිබේ. සමහර වචන පසුතැවීම ඉතිරි කරයි. නිහඬ බව වචන තරමට රළු නැත. අපි නිහඬව සිටියෙමු. නමුත් වචන ලෙහෙසියෙන් අපව අතැර යන්නේ නැත. ඒවායින් කියවෙන සත්‍යය කටුකය. හුස්ම හිර කරවන සුළුය. මා පැවසූ සියල්ල සත්‍යය යන දේ ප්‍රතික්ෂේප කළ නොහැක. රුදුරු වල් සතෙකු මෙන් මගේ හදවත් කූඩුවේ සිරව තිබූ ඒ වචන, එළියට පැනීමට තැත් කරමින් සිටියේය. ඒ සඳහා සුදුසු මොහොත එනතුරු බලා සිටියේය. සිදුවිය හැකි විනාශය නොතකාම ඒවා මගේ තොල්වලින් පිටතට පැන්නේය. මම තවමත් ගැහෙන තොල්වලින් යුතුව වේගයෙන් හුස්ම ගනිමින් සිටිමි. ඔහු මට හිමි නේදැයි මම කල්පනා කරමි. නියාල් ඉක්මනින්ම මේ ශාපලත් සත්‍යය අමතක කර දමනු ඇත.

Loving Aedera

මම කාමරය සිසාරා බලමි. සැබැවින්ම ඔහු දෙස බලමි. කාමරයේ දකුණු පස ඕක් ලීයෙන් නිමවූ මේසය මත මොහොතකට පෙර මම රසවිඳිමින් සිටි තේ එක රැගත් රන්වන් පැහැ දීප්තිමත් කුඩා මල් සහිත කෝප්පය ඇත. එය මට පෙනෙන්නේ යන්තමිනි. එය එතැන රැඳී තිබෙන බව මම දනිමි. තේ එක දැන් සීතල වී ඇත. සමින් බැඳ නිමවා ඇති මගේ දිනපොත බ්‍රොකේඩ් පලස මත, නියාල්ගේ දෙපා අසල ඇත. ඔහුට හොරෙන් මුදු රැගත් පෙට්ටිය සැඟවීමට උත්සාහ කිරීමේදී මම දිනපොත විසි කළෙමි.

මම මේ කාමරය සැකසුවේ ඉතාමත් පරිස්සමිනි. බිත්තිවලට ගැළපෙන වර්ණය තෝරා ගැනීමට මට මාස ගණනක් ගතවිය.(Nocturnal Gray) ඊළඟට පැරණි බඩු විකුණන සාප්පු වලින් පිත්තල කැබලි සහ බොබ් එකතු කිරීම, බිත්තියට ඇලවූ පියාපත් පිටුපස පුටුවක් සවි කිරීම ආදිය. මේ කාමරයේ හැම අඟලක්ම මම හොඳින් දනිමි. නමුත් දැන් එයින් පිටස්තර බවක් දැනේ. එය දැනෙන්නේ පාවාදීමක් ලෙසයි. මෙතැන මගේ සුවපහසු ස්ථානය, බලකොටුව විය. නමුත් වචන කිහිපයක් නිසා ඒ සැනසීම අහිමි වී ඇත. මම වේගයෙන් හුස්ම ගනිමි. කාමරය දැන් පෙරට වඩා පැහැදිලිව පෙනේ. මට කරකැවිල්ලක් දැනෙයි. මම මරණයට පත් නොවෙනු ඇත. නමුත් පොළොව දෙබෑවී කිසිවකු මා ඒ තුළට ඇදගන්නවා නම් මම කැමති වෙමි. නියාල්ගේ බැල්ම මා පිටුපස එනබව මම දනිමි.

Loving Aedera

“මම “

මම වචන නතර කරගමි. සමාව අයැදීම ඔහුට සිදුකරන අපහාසයකැයි සිතේ. සත්‍යය හෙළිදරව් වී ඇති අතර එයට මුහුණ දිය යුතුව ඇත. වේදනාව දරාගත යුතුය.

“ඇයි?”

ඔහුගේ කටහඬ කර්කශය. ඒ හඬට මගේ හදවත සීරෙයි. සිතට එන දේ පවසා ගත නොහැකිව මම සුසුම්ලමින්, මගේ දිව සපාගනිමි. අද මට තවත් වේදනාවක් අවශ්‍ය නැත.

“මට විශ්වාස නෑ මට ආදරේ කරන්න පුළුවන් ද නැද්ද කියලා ”

මම අවසානයේ කියාගමි.

“ඉතින්, එහෙනම් මේ මොකක්ද? ඔයා සෙල්ලමක්ද කරේ? “

ඔහුගේ වචනවල කළකිරීම මෙන්ම රිදවීමද එකතු වී තිබේ. මම හිරිවැටී ඇතිබවත්, හැමදේම විසඳී අවසන් බවත් ඔහුට පැවසීමට හදවත ඉඩ නොදෙයි.

“මම හිතනව මම ඔයාට ආදරේ කරා කියලා. ඔයාට බලාපොරොත්තුවක්, පරිස්සමක් දැණුනෙ මගෙන්. අපි අතරෙ දෙයක් තිබුණා. මම ඔයාව රවටගන්න හිතුවෙ නැහැ. මේ ලෝකෙ මට මීට වඩා හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් කියලා හිතුව එක ආත්මාර්ථකාමියි තමයි.” 

Loving Aedera

මම ඕනෑවට වඩා නිදහසේ කතා කරමින්, හැමදේම හෙළිදරව් කිරීමට ආසන්නව සිටිමි. සත්‍යය මා තුළ එහෙට මෙහෙට පෙරළෙයි. නියාල්ගේ ඇහිබැම ඉහළට එසවී තිබේ.

“මම හරියටම කවුද කියන්න මම දන්නේ නැහැ. මායාකාරියක්, ෆේ, සයිරන්… මම දන්නේ මම මනුස්සයෙක් නෙවෙයි කියලා විතරයි. එක දවසක්, මොකුත්ම තිබුණේ නැහැ. ඊළඟ දවසේ, මම ඝන, මඩ ගොඩක බඩගාගෙන, මොකක්හරි හොයමින්, ආලෝකය හොයමින් උඩට ගියා. මේ නගරයට කලින් මිනිස්සු මෙතැන පදිංචි වෙන්න කලින් මෙතැන මඩ වගුරු බිමෙන් තමයි මම නිරුවතින් මතුවුණේ. ඊට පස්සෙ මම තනිකමෙන්, හිරිවැටිලා ජීවත් වුණේ. මට තාමත් හරියටම විශ්වාස නැහැ ඒක. ඊට පස්සේ මම පුංචි පඳුරුවලින් එළියට ඇවිත් නගරයට ගියා. මිනිස්සුත් ගොඩනැගිලි හදලා තියෙන කොන්ක්‍රීට් තරම්ම රළුයි කියලයි මට දැනුනෙ. ඔයා මුණගැහෙනකම් “

“මට දෙන්න පුළුවන් තරමට වඩා ඔයාට ආදරේ ලැබෙන්න ඕනෙ නියාල්. මම නාස්ති කළ කාලය ගැන මට ඇත්තටම කණගාටුයි. මට ඕනේ වුණේ ඔයාට ඇත්තටම ආදරේ කරන්න. කවදහරි මට ඒක දැනෙයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් ඔයා හරි ලේසියෙන් දුන්න දේවල් මට දැනුනෙ නැහැ. ඔයාගෙ එළිය පවා මගේ හදවත උණුසුම් කරලා මේ අඳුර මගෙන් ඈත් කරලා දාන්න ප්‍රමාණවත් වුණේ නැහැ. ”

මම නැවතත් පියාපත් පුටුවට වැටෙමි.

“වාඩි වෙන්න”

මම ඔහුට අණ කරමි.

ඔහු අසා සිටියි. මම නොදැනුවත්වම මගේ ඉල්ලීම් ඉටු කිරීමට, මා වර්ධනය කරගත් මේ පරපෝෂිත බැඳීම තුළ සතුටින් තෘප්තිමත්ව සිටීමට මම ඔහුගේ කාලය මොනතරම් කා දැමුවාදැයි සිතමි. මට ඒ බැව් සිතීමටවත් අවැසි නොවේ.

“ඒදෙරා, ඔයා හිතන්නෙ ආදරේ කියන්නෙ මොකක් කියලද?”

“ආදරේ කියන්නෙ මෘගයෙක්. ඒක චපලයි. ඒක දෙවිවරුන්ට, මිනිස්සුන්ට සුදුසු දෙයක්. මම වගෙ අයට ආදරේ සුදුසු නැහැ “

ඔහු හෙමිහිට ඉදිරියට නැඹුරු වෙමින් මෘදු ලෙස මගේ කම්මුලක් ස්පර්ශ කරයි. මම සැමවිටම මෙන් ඔහුගේ උණුසුමට තරමක් නැඹුරු වුණෙමි. ඔහු මදක් හිනැහුණි.

Loving Aedera

“කවුද කිව්වෙ ඔයාට ආදරේ කරන්න බැහැ කියලා. ඔයා මට ආදරේ කළා. තාමත් ආදරේ කරනවා. ඔයා මට ඇහුම්කන් දෙනවා. මට ඕනෙ මොනවද කියලා දන්නවා. සැනසිල්ල, ගෞරවය, මිත්‍රත්වය මේ හැමදේම ඔයා ගාව තියෙනවා. මේ ලෝකෙ ඔයාගෙ ආලෝකය මම කියලා ඔයා අදහනවා. ඉතිං ඔයා මගේ කියලා ඇයි විශ්වාස කරන්න අමාරු? ඔයා හිතනව වගේ සීතල හදවතක් නෙමේ ඔයාට තියෙන්නේ.”

ඔහුගේ ඒ වචන මට නුහුරුය. මා කවුදැයි ඔහු දැන් දනියි. මම නිවැරදිද? එසේනම් මා මේ තරම් කාලයක් පසුතැවෙමින් සිට ඇත්තේ මගේ සිතිවිලිවල වරදින්ද?

“මට කියන්න පුළුවන් ඔයා ගැන හොයාගන්න ඔයාට තව කාලයක් ඕන කියලා. ඉතින් ඒක එහෙමනං ඔයාට උත්තර ලැබෙනකං අපි දෙන්නට ඇතිතරම් ආදරෙන් ඉන්න පුළුවන්.”

මම ඔහුගේ කාන්දම් ඇස් දෙස බලමි. මේ දැනෙන හැඟීම වෙනස් එකකි. එය සැනසිලිදායකය. අපි එකිනෙකා වෙත නැඹුරු වුණෙමු. මම මගේ අත ඔහුගේ කම්මුල මත තබා, ඔහුගේ උණුසුම විඳිමි. අපේ හාදුව ප්‍රීතිමත්ය. එය බලාපොරොත්තුවේ සළකුණකි. එකඟතාවයේ සහ පොරොන්දුවක සළකුණකි. සමහර විට ඔහු නිවැරදි විය හැකිය. ආදරය යනු මෙය වන්නට ඇත. කොහොමවුණත් මම කවුදැයි සොයා ගන්නා තෙක් ඔහු මගේ ජීවිතයේ රැඳී සිටින බව දැන මම සැනසෙමි. එවිට මට මා බවට පත්විය හැකිය.

(Reedsy වෙබ් අඩවියෙහි පළවූ Allison Lay විසින් රචිත Loving Aedera කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි )

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you