UNP – ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය කල් දැමීමට තීරණය කළ බව පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත වෛද්‍යවරුන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය හදිසියේ කල් දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ සති දෙකකින් පක්ෂ සංවත්සරය කල් දැමීමට මේ වන විට තීරණය කර ඇති බවයි.



