More
    spot_img
    NewsTurkey බස් අනතුරකින්12 දෙනෙකු මියයයි

    Turkey බස් අනතුරකින්12 දෙනෙකු මියයයි

    -

    spot_img

    Turkey – මධ්‍යම තුර්කියේ Yozgat ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබු බව වාර්තා වෙයි. බස් රථයේ රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවු බව ආණ්ඩුකාර Mehmet Ali Ozkan මහතා පැවසීය. බස්රථය Istanbul දක්වා ගමන් කර තිබූ අතර අනතුර සිදුව ඇත්තේ ගමන් ආරම්භ කළ Sivas සිට 240km පමණ නැගෙනහිරින් පිහිටි Yozgat ආසන්නයේදිය. අනතුර සිදුවු ස්ථානයේදීම පුද්ගලයන් 11 දෙනෙකු මිය ගිය අතර එක් අයෙක් රෝහල්ගත කළ පසුව මිය ගිය බවද Ozkan මහතා වැඩි දුරටත් සදහන් කළේය. තුවාල ලැබූවන් අවට රෝහල් වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි. අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බවත්, එය රියදුරුගේ “නොසැළකිලිමත්කමේ” ප්‍රතිපලයක් ලෙස පෙනෙන බවත් Ozkan මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

    -ABC News ඇසුරෙනි-

    photo Credit: ABC News

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page