More
    NewsTooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    -

    spot_img

    Tooth Relic Exhibition – ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල පවසනවා.

    ඒ අනුව පෝලිම් තුනකින් ජනතාව එකතු කරගැනීමට බලා‍පෙ‍ාරොත්තු වන බවත්, ඒ අනුව, වැව රවුම වටා පෝලිම් දෙකක් සහ ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ තවත් පෝලිමක් ‍යොදවන බවයි අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර සිටියේ.

    මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ පුවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, නගරයට වාහන බොහෝ ප්‍රමාණයක් ඇතුළු වුවහොත්, නගරයට පෙර එම වාහන නවත්වා, ඒ පිරිස් විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පවසා සිටියා.

    එසේම, ආබාධ සහිත, මහලු හා වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුවහොත් නවාතැන් ගැනීමට, කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

    එසේම දළදා වහන්සේට පුජා කරන පුජා භාණ්ඩ හැර අන් කිසිවක් මාළිගාව තුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවත්, ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත්, එය ක්‍රියා විරහිත කර තබා ගත යුතු බවත්, කිසිවිටෙකත් ඡායාරූප ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවයි පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර 27 වැනිදා දක්වා දින දහයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page