NewsTooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

-

spot_img

Tooth Relic Exhibition – ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල පවසනවා.

ඒ අනුව පෝලිම් තුනකින් ජනතාව එකතු කරගැනීමට බලා‍පෙ‍ාරොත්තු වන බවත්, ඒ අනුව, වැව රවුම වටා පෝලිම් දෙකක් සහ ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ තවත් පෝලිමක් ‍යොදවන බවයි අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර සිටියේ.

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ පුවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, නගරයට වාහන බොහෝ ප්‍රමාණයක් ඇතුළු වුවහොත්, නගරයට පෙර එම වාහන නවත්වා, ඒ පිරිස් විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පවසා සිටියා.

එසේම, ආබාධ සහිත, මහලු හා වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුවහොත් නවාතැන් ගැනීමට, කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම දළදා වහන්සේට පුජා කරන පුජා භාණ්ඩ හැර අන් කිසිවක් මාළිගාව තුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවත්, ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත්, එය ක්‍රියා විරහිත කර තබා ගත යුතු බවත්, කිසිවිටෙකත් ඡායාරූප ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවයි පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර 27 වැනිදා දක්වා දින දහයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you