Tom Cruise රංගනයෙන් දායක වන Mission Impossible නවතම චිත්‍රපටය Mission: Impossible – The Final Reckoning පසුගියදා (මැයි 21) තිරගත වුණා. 62 හැවිරිදි සුපිරි තරුව ප්‍රකාශ කර සිටියේ තමා හැමදාමත් ප්‍රේක්ෂකයන් කැමති දේ සිදු කළ බවත් ඉදිරියේදිත් එලෙසින්ම කටයුතු කරන බවත් ය. ක්‍රියාදාම චරිත රංගනයේ සිට චිත්‍රපට නිෂ්පාදනය දක්වා දශක හතරකට අධික කාලයක් කටයුතු කළ ඔහු, ඉමහත් ජනප්‍රියත්වයක් සේම විශාල ධනයක්ද උපයා ගත්තේ උපායශීලීව කටයුතු කිරීමෙනි. Celebrity Net Worth ට අනුව 2025 වන විට ටොම් කෲස් ගේ වත්කම ඩොලර් මිලියන 600 ඉක්මවා තිබෙනවා.
– Hollywood Life ඇසුරෙනි –