NewsThe tragedy of sudan දහසක්, පස්වලට යට වූ සුඩානයේ...

The tragedy of sudan දහසක්, පස්වලට යට වූ සුඩානයේ ඛේදවාචකය

-

spot_img

The tragedy of sudan – සුඩානයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ එම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. දින ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාපතනයෙන් පසු පසුගිය අගෝස්තු 31 වනදා එම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ආපදා තත්ත්වයෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි.

නායයාමට ලක්ව ඇති ප්‍රදේශයේ පිහිටා තිබූ ටරාසින් නැමැති ගම්මානයේ වැඩි කොටසක් නාය ගොස් ඇති බවයි සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර ඇත්තේ. පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා මානුෂීය ආධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බවද සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. සුඩාන හමුදාව සහ පැරා මිලිටරි ආධාරක බලකාය අතර 2023 වසරේදී ඇති වූ සිවිල් යුද්ධයෙන් පසු සුඩානය සාගතයකට මුහුණ දුන් අතර බොහෝ පිරිසක් රැකවරණය පතා මාරා කඳුකර කලාපය වෙත පලාගොස් තිබුණා.

2023 වසරේ සිට එරට සිවිල් යුද්ධය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ පනස් දහසක් පමණ මියගොස් ඇති අතර මිලියන 12ක පමණක් පිරිසක් නිවාස අතහැර ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ඉකුත්දා සිදු වූ නායයාමට ගොදුරුව ඇත්තේ එලෙස යුද්ධය හේතුවෙන් පලාගොස් සිටි ජනතාව ජීවත් වූ ප්‍රකාශයක් බවයි පැවසෙන්නේ.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you