More
    NewsThe prison බන්ධනාගාර නියාමකගේ ගෙදර පතරොම් ගබඩාවක්

    The prison බන්ධනාගාර නියාමකගේ ගෙදර පතරොම් ගබඩාවක්

    -

    spot_img

    The prison – සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුව බන්ධනාගාර මූලස්ථානයේ නියාමකවරයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමේදී අවි සහ පතරොම් ගබඩාවක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. මෙම නියාමකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සමග සබඳකම් පවත්වමින් අවි-ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට සැක කරමින් අත්අඩංගුවට ගෙන ඇත.

    නියාමකවරයාට අයත් රාජගිරියේ පිහිටි නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් දමා ශක්තිමත්ව සැකැසූ රහසිගත බංකරයක තිබී අත්අඩංගුවට ගත් මෙම අවි ආයුධ අතර ටී පනස්හය ගිනි අවියක්, පතරොම් ගැබක්, මැලේසියානු සහ පිලිපීන හමුදා නිලධාරීන් පාවිච්චියට ගන්නා ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ඊට අයත් පතරොම් ගැබද, විවිධ වර්ගයේ පතරොම් 400කට අධික තොගයක් ද තිබී ඇත. එමෙන්ම නියාමකවරයා රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී ඇඳෙහි කොට්ට කවරය තුළ තිබී විනිවිද පෙනෙන පොලිතින් කවර තුනක් හමුවී ඇති අතර එක් කවරයක හෙරොයින්ද, අනෙක් කවර දෙකෙහි ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍යද තිබී ඇත. නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා භාවිත කරන විද්‍යුත් තරාදි දෙකක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද පොලිතින් කවර ප්‍රමාණයක් ද හමුව තිබේ.

    The prison

    සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ අනියම් සබඳතාවයක් ඇතැයි පැවසෙන මාදින්නාගොඩ, රාජගිරියේ පදිංචි තවත් සැකකාරියකගේ නිවසෙහි තිබී මත්ද්‍රව්‍යවලින් උපයාගන්නා ලද මුදල් සටහන් කරන ලද පොත් කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස රාජකාරි කරමින් කලක් තිස්සේ මෙම ජාවාරම්වල යෙදී ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් ගිනි අවි සහ පතරොම් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සඳහා උපයෝගී කර ගෙන ඇති බවට සැක කරන අතර දිවයිනේ සිදුවූ වෙඩි තැබීම්වලදී සොයාගත් හිස් උණ්ඩ මෙම අවිවලින් නිකුත් වූ ඒවා ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page