NewsThe prison බන්ධනාගාර නියාමකගේ ගෙදර පතරොම් ගබඩාවක්

The prison බන්ධනාගාර නියාමකගේ ගෙදර පතරොම් ගබඩාවක්

-

spot_img

The prison – සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුව බන්ධනාගාර මූලස්ථානයේ නියාමකවරයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමේදී අවි සහ පතරොම් ගබඩාවක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. මෙම නියාමකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සමග සබඳකම් පවත්වමින් අවි-ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට සැක කරමින් අත්අඩංගුවට ගෙන ඇත.

නියාමකවරයාට අයත් රාජගිරියේ පිහිටි නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් දමා ශක්තිමත්ව සැකැසූ රහසිගත බංකරයක තිබී අත්අඩංගුවට ගත් මෙම අවි ආයුධ අතර ටී පනස්හය ගිනි අවියක්, පතරොම් ගැබක්, මැලේසියානු සහ පිලිපීන හමුදා නිලධාරීන් පාවිච්චියට ගන්නා ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ඊට අයත් පතරොම් ගැබද, විවිධ වර්ගයේ පතරොම් 400කට අධික තොගයක් ද තිබී ඇත. එමෙන්ම නියාමකවරයා රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී ඇඳෙහි කොට්ට කවරය තුළ තිබී විනිවිද පෙනෙන පොලිතින් කවර තුනක් හමුවී ඇති අතර එක් කවරයක හෙරොයින්ද, අනෙක් කවර දෙකෙහි ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍යද තිබී ඇත. නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා භාවිත කරන විද්‍යුත් තරාදි දෙකක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද පොලිතින් කවර ප්‍රමාණයක් ද හමුව තිබේ.

The prison

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ අනියම් සබඳතාවයක් ඇතැයි පැවසෙන මාදින්නාගොඩ, රාජගිරියේ පදිංචි තවත් සැකකාරියකගේ නිවසෙහි තිබී මත්ද්‍රව්‍යවලින් උපයාගන්නා ලද මුදල් සටහන් කරන ලද පොත් කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස රාජකාරි කරමින් කලක් තිස්සේ මෙම ජාවාරම්වල යෙදී ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් ගිනි අවි සහ පතරොම් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සඳහා උපයෝගී කර ගෙන ඇති බවට සැක කරන අතර දිවයිනේ සිදුවූ වෙඩි තැබීම්වලදී සොයාගත් හිස් උණ්ඩ මෙම අවිවලින් නිකුත් වූ ඒවා ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you