More
    spot_img
    NewsSri lanka navy ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු...

    Sri lanka navy ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනේ

    -

    spot_img

    Sri lanka navy – ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

    අදාළ ඉන්දියානු ධීවර යාත්‍රාව සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර තිබුණු බවයි සඳහන් වෙන්නේ.

    ඒ අනුව, නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමක දී, හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබිය දී එම ධීවර යාත්‍රාව සොයා ගෙන තිබෙනවා.

    යාත්‍රාව හා එහි සිටි පිරිස දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති අතර, මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Indiaවේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට

    India -  ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම පාලමෙහි...

    Pillaiyan පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණයක්

    pillaiyan - මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය...

    Driving without following orders ටිපර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක්

    Driving without following orders - අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව, කිලිනොච්චි...

    “Tik Tok කරන්නත් බදු ගහනවා” මන්ත්‍රී චමින්ද විජේසිරි කියයි

    Tik Tok - වත්මන් ආණ්ඩුව විසින් ඩිජිටල් සේවා සඳහා 18% ක වැට් බදු පැනවීමට කටයුතු කර ඇති බව සමගි...
    - Advertisement -spot_img

    Driving without following orders ටිපර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක්

    Driving without following orders - අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව, කිලිනොච්චි...

    “Tik Tok කරන්නත් බදු ගහනවා” මන්ත්‍රී චමින්ද විජේසිරි කියයි

    Tik Tok - වත්මන් ආණ්ඩුව විසින් ඩිජිටල් සේවා සඳහා 18% ක වැට් බදු පැනවීමට කටයුතු කර ඇති බව සමගි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page