More
    NewsSL Vlog නතාෂා සහ බෲනෝ නඩුවලින් නිදහස්

    SL Vlog නතාෂා සහ බෲනෝ නඩුවලින් නිදහස්

    -

    spot_img

    SL Vlog – නතාෂා එදිරිසූරියට සහ බෲනෝ දිවාකරට එරෙහිව ICCPR පනත යටතේ පවරා තිබූ නඩු මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කරනු ලැබුවා. නතාෂාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බැවින් ඇයට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කළ බැවින් ඇය නඩුවෙන් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    නඩුව නැවත සලකා බලන ලෙස රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නතාෂා එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය. පසුගිය වසරේ අප්‍රේල් 01 වැනිදා පැවති සජීව ප්‍රහසන ප්‍රසංගයක් අතරතුර සිදුකළ එක් ප්‍රකාශයක් මඟින් සිදුහත් කුමරුට ‘අපහාස’ කළ බවට එල්ල වූ චෝදනා මත මෙම පනත යටතේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය මාස තුනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියාය. ඉන්පසුව, මෙම ප්‍රසංගයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් SL Vlog හිමිකරු බෲනෝ දිවාකරද නතාෂා නිදහස් කිරීමෙන් පසු ඔහුට එරෙහි නඩුවෙන් නිදහස් විය.

    NE News ඇසුරෙනි-

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page