NewsSL Vlog නතාෂා සහ බෲනෝ නඩුවලින් නිදහස්

SL Vlog නතාෂා සහ බෲනෝ නඩුවලින් නිදහස්

-

spot_img

SL Vlog – නතාෂා එදිරිසූරියට සහ බෲනෝ දිවාකරට එරෙහිව ICCPR පනත යටතේ පවරා තිබූ නඩු මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කරනු ලැබුවා. නතාෂාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බැවින් ඇයට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කළ බැවින් ඇය නඩුවෙන් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩුව නැවත සලකා බලන ලෙස රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නතාෂා එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය. පසුගිය වසරේ අප්‍රේල් 01 වැනිදා පැවති සජීව ප්‍රහසන ප්‍රසංගයක් අතරතුර සිදුකළ එක් ප්‍රකාශයක් මඟින් සිදුහත් කුමරුට ‘අපහාස’ කළ බවට එල්ල වූ චෝදනා මත මෙම පනත යටතේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය මාස තුනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියාය. ඉන්පසුව, මෙම ප්‍රසංගයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් SL Vlog හිමිකරු බෲනෝ දිවාකරද නතාෂා නිදහස් කිරීමෙන් පසු ඔහුට එරෙහි නඩුවෙන් නිදහස් විය.

NE News ඇසුරෙනි-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you