Samagi Jana Balawegaya – අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් එහි සභාපතිත්වයට පත්වූ බවයි මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු නිවේදනය කළේ.
අකුරණ ප්‍රාදේශීය සභාවට සභික ධුර 30ක් හිමිව තිබුණු අතර, අද දින එක් සභිකයෙක් නොපැමිණීම හේතුවෙන් සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිතා කරනු ලැබුවා.ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා තාරික් අලී ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත් බවයි සඳහන් වෙන්නේ.
ඡන්ද 18ක් හිමි කර ගනිමින් උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.