NewsSak Surin මුතුරාජා තායිලන්තයට ළඟා වෙයි

Sak Surin මුතුරාජා තායිලන්තයට ළඟා වෙයි

-

spot_img

Sak Surin නොහොත් මුතුරාජා මීට සුළු මොහොතකට පෙර තායිලන්ත වෙත ළඟා වී තිබෙනවා. මෙම ඇතා බෞද්ධ විහාරස්ථානයක වද හිංසා විඳින බවට චෝදනා එල්ල වීමෙන් පසුව තායිලන්ත රජය නැවතත් ඔවුන්ගේ මව්රටට ගෙන ඒමට කටයුතු සූදානම් කළා.

භාණ්ඩ ප්‍රවාහනය කරන Ilyushin ll -76 ගුවන්‍ යානයෙන් (විශේෂයෙන් සකස් කරන ලද වානේ කූඩුවක් තුළ) හවස 2 ට පමණ Sak Surin නැවත තායිලන්තයට පැමිණියා. පැය පහක ගමනකින් පසු ඇතා සාමාන්‍ය තත්වයෙන් Chiang Mai වෙත පැමිණි බව ගුවන්තොටුපල වෙත පැමිණි තායිලන්ත පරිසර අමාත්‍ය Varawut Silpa Archa පැවසුවා. තත්වය යහපත් නම් Sak Surin නිරෝධායනය සඳහා ස්වභාවික රක්ෂිතයක් වෙත යවනු ඇති.

Muthuraja

බෞද්ධ විහාරස්ථානයෙන් මුදා ගන්නා විට මෙම සත්වයා තුවාල වලින් සහ වේදනාවෙන් පිරී සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධුෂා පෙරේරා AFP වෙත පවසා තිබුණා. සත්ත්ව සුබසාධන කණ්ඩායම් පවසන්නේ දැව කපන්නන් හා වැඩ කිරීම සඳහා Sak Surin යොදාගෙන ඇති බවත් ඇතාගේ සිරුරේ ඇති සමහර තුවාල ඇත්ගොව්වා විසින් සිදුකළ ඒවා බවත්‍ ය. Sak Surin ගේ ඉදිරිපස පාදයක ඇති තුවාලය සඳහා තායිලන්තයේදී ප්‍රතිකාර සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අලිඇතුන් “පූජනීයත්වයෙන්” සළකන රටක් ලෙසින් හැඳින්වෙනවා. කෙසේවෙතත් Sak Surin නැවත තායිලන්තය වෙත ගෙන ඒම ගැන RARE සංවිධානය සිය නොසතුට පළ කර තිබෙනවා. ඔවුන් විසින් ඇතාව නොසළකා හැරි අය සඳහා නඩු පවරන ලෙස පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට සඳහන්.

Muthuraja

Sak Surin මව්රටට ගෙන්වා ගැනීම සඳහා තායිලන්ත රජය බොහෝ සේ ඉල්ලීම් කළ බැව් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතාගේ තත්වය පිළිබඳව තායිලන්ත රජුට තම කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. තායිලන්තය අලි ඇතුන් පිටරට යැවීම නවතා තිබෙන බවත්, දැනටමත් පිටරට යවා ඇති අලි ඇතුන්ගේ තත්වය පරීක්ෂා කරමින් සිටින බවත් ,තායිලන්ත පරිසර අමාත්‍ය Varawut Silpa Archa පවසා සිටියා..

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you