SLTB සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස් රථ ක්රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පැවසුවේ පසුගිය 10 වනදා සිට ඊයේ දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න මුදලක් උපයා ඇති බවයි