More
    NewsRemand බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    Remand බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    -

    spot_img

    Remand –ඉකුත්දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද බැකෝ සමන් නමත්තාගේ බිරිඳ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
    ශාධිකා ලක්ෂානි නමැති මෙම සැකකාරිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
    එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි නායකයින් පස් දෙනා අතර සිටි බැකෝ සමන් නැමැත්තගේ බිරිඳ ලෙස මෙම සැකකාරිය හඳුනාගෙන තිබෙන බව පැවසුවා.
    පසුව මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත  රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පොලිසිය සඳහන් කර සිටියා.මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකාරියට එල්ල වන චෝදනා කවරේදැයි ප්‍රශ්න කලා.ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ මෙම සැකකාරිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවයි.
    මෙම සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන වලට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පින්ඩන  වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
    මෙහිදී අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ තම දරුවා  රැක බලා ගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බවයි.ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් දරුවා සැකකාරිය භාරයට ගැනීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා විධිමත් ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page