ArtRatatouille : සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි...

Ratatouille : සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි ද?

-

spot_img

Ratatouille : ප්‍රංශය, අනන්‍යතාවයන්ගෙන් පිරුණු සොඳුරු දේශයක්. ඔවුන්ගේ ආහාර සංස්කෘතියත් හරි අපූරුයි. එය දිව පිනවන, රසවත්, වර්ණවත් සහ සුවඳවත් එකක්.

Cooking කියන්නේ කලාවක්. කෑමකින් අනිත් අයව පිනවන්න හැමෝටම බැහැ. ඉවීම, ආශාවෙන් ඉවසිලිමත්ව කරන්න ඕන දෙයක්.

මේ film එකේ නම Ratatouille. වම්බටු, තක්කාලි, සුදුලූණු වගේ දේවල් එකතු කරලා හදන රසවත් ප්‍රංශ කෑමක් තමයි Ratatouille කියන්නෙ .

Remy කියන මීයා ජීවත්වුනේ එයාගෙ පවුලෙ අය,නෑදෑ පරම්පරාව සමග. මේ හැම මීයෙක්ම අහුවෙන ඕනම කෑමක් කාලා දැම්මා.නමුත් Remy ට තිබුනා කෑමවල සුවඳ, රස හොඳින් දැනෙන තියුණු සංවේදනයක්.
Remy ගෙ හීනය වුනේ සූපවේදියෙක් වෙන එක.හරියට පැරීසියේ සුප්‍රසිද්ධ සුපවේදී Gusteau වගේ.

ඒත් පැරීසිය වගේ සුඛෝපභෝගි නගරයක පුංචිම පුංචි මීයෙකුට ඉඩක් ලැබෙයි ද? Remy ගෙ පියා, නෑදෑයො මේ හැම කෙනෙක්ම ඔහුට අනතුරු ඇඟෙව්වා.

මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඔවුන් බොහොම භයානකයි !

Anyone Can Cook ! ඕනම කෙනෙක්ට උයන්න පුලුවන්! මේ තමයි සූපවේදී Gusteau ගේ ආදර්ශ පාඨය. Remy එය විශ්වාස කළා. අවාසනාවකට වගේ Gusteau මේ වන විට මෙලොව හැර ගිහින් .

කොහොමහරි Remy යනවා Gusteau සේවය කළ අවන්හල වෙත. කලබලකාරී, ගොඩාක් කාර්යබහුල මුළුතැන්ගෙය තුළදී Remy ට Linguini ව හමුවෙනවා. Linguini රැකියාවට අලුතින් පැමිණි තරුණයෙක්.
ඔහු කළේ මුළුතැන්ගෙය පිරිසිඳු කරන එක.Remy සහ Linguini අතර ඇතිවෙන්නේ අපූරු බැඳීමක්.

Linguini ගේ ප්‍රේමවන්තිය Colette. ප්‍රංශය ගැන කතාවකට ප්‍රේමය නැතිව කොහොමද,

ඉතිං, Remy ට පුලුවන් වෙයි ද, සූපවේදියෙක් වීමේ හීනය හැබෑවක් කරගන්න..?

මේ කතාව තමන්ගෙ හීනය වෙනුවෙන්ම කැපවෙන පුංචි මීයෙක් ගැන. Ratatouille අපූරු සිනමා අත්දැකීමක්.

ඔබ ආවේ කොහෙන්ද, ඔබේ තරාතිරම කුමක්ද කියන දේ අදාළ නෑ.ඔබ දක්ෂයෙක් නම්, ඔබට ඉඩ තියෙනවා.

හැම තැනකම නෙමේ..

එහෙම තැනුත් ලෝකයේ තියෙනවා. මං හිතන්නේ ඒව ලෝකයේ දියුණු රටවල් .

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you