More
    NewsPrincess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

    Princess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

    -

    spot_img

    Princess Diana මියගොස් වසර 26ක් පිරෙන මොහොතේ ඇය විසින් පටිගත කරන ලද හඬපටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. මෙම හඬපටයෙන් පැවසෙන්නේ, හැරී කුමරු ඉපදුණු අවස්ථාවේ ඔහු ගැහැණු දරුවෙකු නොවීම පිළිබඳව වත්මන් තෙවන චාල්ස් රජු එකළ දැඩි කළකිරීමෙන් සිටි බවයි. ඩයනා කුමරිය මිය යෑමට පෙර මෙවැනි හඬපට කිහිපයක් රහසිගතව පටිගත කොට Andrew Morton නම් කතුවරයාට ලබාදී ඇති බව සඳහන්.

    princess-Diana

    “Diana: The Rest of Her Story.” නමින් ලබන වසරේ නිකුත් වීමට නියමිත වාර්තා චිත්‍රපටයකට පෙර පළමු වරට මෙම හඬපටය නිකුත් වී ඇති අතර ABC හි Good Morning America වැඩසටහනෙහි මෙම හඬපටයට විශේෂ අවධානයක් යොමුව තිබුණා. එහිදී ඩයනා කියනු අසන්නට ලැබුණේ “තම සැමියා තම සුළු මව වන Raine Spencer සමඟ කතා කරන්නේවත් නැති” බවය. “හැරී කුමරුගේ බෞතිස්මය අවස්ථාවේදී චාල්ස් සිය මවට හැරී කුමරු ඉපදීම පිළිබඳව තමන් කණස්සල්ලෙන් පසුවන බව පැවසු බවත්, දෙවන එළිසබත් රැජිණ චාල්ස් කුමරුගේ උරහිසට තට්ටුවක් දමා සාමාන්‍ය දරුවෙකු ඉපදීම ගැන ආඩම්බර වන්නැයි පැවසු බවත්” එම හඬපටයෙන් තවදුරටත් විස්තර කෙරී තිබුණා.

    princess-Diana

    හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළේ ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඉවත් වන බවත් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර ඔවුන්ගේ කාලය ගතකිරීමට සැලසුම් කර ඇති බවත්ය. ඊට ප්‍රතිචාර වශයෙන්, දිවංගත දෙවන එළිසබෙත් රැජිණ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඔවුන් තවදුරටත් රාජකීය පවුලට වැඩ රාජකාරි ඉටු නොකරන බවත් රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් ලබා ගැනීම නවත්වන බවත්ය.

    හඬපටය සඳහා යොමුව: Princess Diana: New audio claims Charles was disappointed at having boy, not girl, when Prince Harry was born | CNN

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.wordpress.com / www.royal-harry.com / www.dailymail.com

     

    Latest news

    The most beautiful island ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

    The most beautiful island - 2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.ඒ ගෝලීය සංචාරක...

    Tsunami රුසියාවේ භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

    Tsunami - රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ මාපකයේ 8.7ක භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ...

    Borella accident බොරැල්ල අනතුර සිදුකළ රියදුරු ගංජා පානය කර ඇත්තේ දින 4කට පෙර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

    Borella accident -  (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා...

    At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

    At the Hambantota Bird Park - නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ...
    - Advertisement -spot_img

    Borella accident බොරැල්ල අනතුර සිදුකළ රියදුරු ගංජා පානය කර ඇත්තේ දින 4කට පෙර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

    Borella accident -  (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා...

    At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

    At the Hambantota Bird Park - නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page