More
    NovelsShort StoriesPrince of Dreams එමීගේ සිහින කුමාරයා

    Prince of Dreams එමීගේ සිහින කුමාරයා

    -

    spot_img

    Prince of Dreams එමීගේ සිහින කුමාරයා

    “මං දන්නවා ඔයා මට කවදාවත්ම ආදරේ කළේ නැහැ කියලා..!”

    තමා ඒ වචන කියන්නේ නැතිව සිටියානම් මොනතරම් හොඳද..? නමුත්,වචන පිටවූ පසු ඒවා ආයෙමත් ගන්නට නොහැකි වග එමී දැන සිටියාය. තමා ඩේගන් ට පහර දෙන්නට සිතුවේ නැත. තමාගේ හැසිරීම ගැන ඇදහිය නොහැකිව ඩේගන් තමා දෙස බලා සිටියා ඇයට මතකය. ඇගේ පුපුරා ගිය කෝපයට වැරදිකරුවා ඔහු නොවේ. මෝටර් රථයට ගොඩවූ එමී තමා යන්නේ කොහේද කියාවත් දැන සිටියේ නැත. ඇයට අවශ්‍ය වූයේ තම කේන්තිය පහව යන තුරු රිය පැදවීම පමණි. තද හිරු රශ්මිය ඇයට අපහසුවක් දැනවීය. නොසන්සුන් බවින්ම ඇය විල අසල රිය නතර කළාය. ජලය සතුව මායාකාරී බලයක් ඇතිවග එමී විශ්වාස කළාය. ඇයට ඩේගන් සිහිවිය. ඔහු ඇයට සුදුසුම පිරිමියාද? දිගු කාලයක් ඔහු ඇසුරු කර තිබුණද,තවමත් ඇයට ඒ ගැන තීරණයකට එළඹීමට අපහසුය.

    සවස් යාමය උදාවෙමින් තිබුණි. ආහාර පිරවූ කුඩා රථ අසල මිනිසුන් ගැවසුණි. සමහරු අයිස්ක්‍රීම් මිළට ගත්හ. මෙතැන පළතුරු විකුණන්නට ඇය කලින් සිතා සිටි අතර දැන් එය මෝඩ අදහසක් මෙන් පෙනුණි. දුරකථනය අතට ගත් එමී ඩේගන් ට කෙටි පණිවිඩයක් යැවීය.

    “මට සමාවෙන්න”

    අසළ වූ ගලක් මත ඉඳගත් එමී විල දෙස බලා සිටින්නට වූවාය. නැවුම් වාතයෙන් පෙනහළු පුරවා ගත්තාය. ඇගේ සුසුම් විල හා මුසුවුනි. සොබාදහමත් ජීවිතයම මෙනි. වාතය උණුසුම්‍ ය. මෙතැන සුවදායී තැනකි. ඇය කැමතිම තැනකි. ඇය ඔහු හා නිතරම මෙහි ආවාය. ඇයි තමන් ඔහු හා රණ්ඩු කළේ? ඒ තරම් මෝඩ විදිහට හැසිරුනේ? හැම දෙයක්ම ඇරඹුනේ මේ විල අසලදී ය. ඇය ඇගේම ව්‍යාපාරයක් ගැන ඔහු හා පවසමින් මෙහි සිටියාය. පළතුරු විකිණීම අපූරු වැඩක්. ඕනම කෙනෙක් කැමතියි පීනන්න කලින් ඇපල් ගෙඩියක් කාලා ඉන්න. නමුත්,බැංකු නිලධාරිනිය ඇගේ සති ගණනක සිහින එක මොහොතකින් බිඳ දැමුවාය. ඒ එමී සතුව ව්‍යාපාරික අත්දැකීම් නොමැති බව පවසමිනි. ඇයට බලාපොරොත්තු සුන් බවක් දැනුනි. එමී මේ බැව් ඩේගන් ට පැවසූ අතර,හැමදෙයක්ම ඉක්මනින්ම හරි යාවි යැයි ඔහු පැවසුවේය. එයින් ඇගේ කෝපය තවත් වැඩි විය. හිස්කමකින් දවස ගතවෙමින් තිබුනි. තනිකඩව සිටියානම් ඇය සිගරට් බොමින් කාලය ගෙවනු ඇත. එහෙත් ඇය සිගරට් බොනවාට ඔහු අකමැතිය. එමී අයිස්ක්‍රීම් කමින් සහ සුරතල් සතුන්ගේ වීඩියෝ නරඹමින් සිටියාය. වෙලාව සවස හතරයි තිහ පසුවී තිබුනි. අවසානයේ ඔහු පැමිණි අතර ඔහු ඇයව සන්සුන් කිරීමට උත්සාහ කලේය. ව්‍යාපාරයක් පටන් ගන්නෙ නැතිව ව්‍යාපාරික අත්දැකීම් ලබන්නේ කොහොමද? ඔහු ඇයව සැනසුවේය. ඇය නරක දවසක් ගත කර තිබුණාය.

    prince of Dreams

    “මං දන්නවා ඔයා මට කවදාවත්ම ආදරේ කළේ නැහැ කියලා..!”

    ඇගේ ඒ වදන් ඔහුව වේදනාවට පත් කළේය. තමා එලෙසින් පැවසුවේ ඇයි කියා එමී දැන සිටියේ නැත. එය ඈ සිතා මතා කළ දෙයක් නොවේ. ඩේගන් එමීගේ සිහිනවල සිටි මිනිසා නොවීය. ඔවුන් හමුවූයේ අහම්බෙනි. ඇගේ මෝටර් රථයේ රෝදයකට හානි වී තිබූ අවස්ථාවකයි ඒ. සමහරවිට ඔහුට ඇයට වඩා පෙනුනේ මෝටර් රථය වෙන්නට බැරි නැත. තමා හිසකෙස් විලාසිතාව වෙනස් කළද,අළුත් ඇඳුමක් මිළට ගත්තද ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත. ඇය සතුටු කරන දේවල් ගැන ඔහුට එතරම් අවබෝධයක් නොතිබූ අතර,නොදැනුවත්වම හෝ ඔහු ඇයව රිදවන වග පෙනෙන්නට තිබුණි. ඇය එදින මේ දේවල් පවසමින් ඔහුට පහර දුන්නාය. සිහින කුමාරයෙකු හැමවිටම නිවැරදි දේ කරයි. පවසයි. එහෙම අයෙක් සිටියානම් ඇය වෙනුවෙන් මේ විල් තීරයම මිලට ගෙන,බැංකුවේ සේවය කරන අයද එලවා දමනු ඇත. නමුත්,ඩේගන් සිහින කුමරෙකු නොවේ. සාමාන්‍ය මිනිසෙකි. ඔහු ඇයට ආදරය කරන වග ඈ හොඳින්ම දැන උන්නාය. එමී ආපසු ඔහු වෙත යාමට සිතුවාය. එහෙත් ඇයට එය කළ නොහැකි බවක් දැනුණි. මොනවා හෝ සිදුවෙමින් පවතින බැව් ඇයට දැනෙන්නට වුනි. ඇය තම දුරකථනය පරීක්ෂා කළාය. තමා යැවූ කෙටි පණිවිඩයට ඔහු ප්‍රතිචාර එවා නැත. අඳුර වැටෙන්නට ආසන්නය. පරිසරය සීතල වෙන්නට පටන්ගෙන තිබුණි. ඔහු සමාව නොදුන්නොත් මොකද කරන්නෙ..?

    “මම හිතුවා ඔයා මෙතැන ඉන්නව ඇති කියලා…”

    “ඩේගන්…”

    එමී තම ප්‍රේමවන්තයා වෙත දිවගොස් ඔහුව වැළඳගත්තාය. සිහින් සුළඟක් ඔවුන් වටා හමා ගියේය. ජලය මායාකාරී දෙයක් බවත් ඒ අසලදී සුවිශේෂී අයෙකු තමාට මුණගැහෙන බවත් ඈ විශ්වාස කළාය. ඒ තැනැත්තා දැනටමත් තමාට ලැබී ඇති වග ඈ නොදැන සිටියාය. පළමුවරට ඔහුව දුටුවාක් මෙන් ඈ ඔහු දෙස බලා සිටියාය.

    “මම ඔයාට කෝපි ගෙනාවා”

    ඩේගන් පැවසීය. එමී සිනාසුනාය.

    “මෙතැන සීතල වෙන්න පටන් අරන්”

    “ඔයා ඉන්නකොට මෙතැන උණුසුම්…බලන්න,හඳ පායාගෙන එනවා..”

    විලට ඉහළින් සොඳුරුව සඳ පායා තිබුණි.

    – Nancy Hibbert විසින් රචිත “Seeing Love” නැමති කෙටිකතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page