More
    NewsPope Francis - සමලිංගික විවාහ ගැන පාප් වහන්සේගේ අදහස

    Pope Francis – සමලිංගික විවාහ ගැන පාප් වහන්සේගේ අදහස

    -

    spot_img

    Pope Francis – සමලිංගික යුවලක් වෙනුවෙන් ආශිර්වාද කිරීමට තමා ඕනෑම මොහොතක සුදානමින් සිටින බව පාප් වහන්සේ පසුගිය දිනක ප්‍රකාශ කළ බවට වාර්තා වේ. මේ පිළිබදව විමසීමක් කළ කාදිනල්වරු පිරිසකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ ආශිර්වාදය සදහා වන ඕනෑම ඉල්මලීක් “එඩේර පුණ්‍යකර්මයක්” ලෙස සැලකිය යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, “ප්‍රතික්ෂේප කරන සහ බැහැර කරන අයව අපට විනිශ්වය කළ නොහැකි” බවයි. පල්ලිය තවමත් සමලිංගික සබදතා සලකන්නේ “වෛෂයිකව පව්කාර” ක්‍රියාවක් ලෙසටයි. එමෙන්ම පල්ලිය සමලිංගික විවාහද අනුමත නොකරයි. ලබන බදාදා වතිකානුවේදි පැවැත්වීමට නියමිත පල්ලියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කෙරෙන ගෝලීය එකමුතුවේ සාකච්ඡා වලට පෙර පාප් වහන්සේ වෙත මෙම ගැටළුව යොමු කළ බව කියැවේ. සාමාන්‍යයෙන් කතෝලික සභාව තුළ ආශිර්වාදය යනු, දේව සේවකයකු විසින් ඉදිරිපත් කරනු ලබන යාතිකාවක් හෝ ආයාචනයක් වන අතර, දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබන පුුද්ගලයා හෝ පුද්ගලයන් දෙස යහපත් ලෙස බලන මෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලබන බව පිළිගැනීමයි. බෙල්ජියම සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක බිෂොප්වරු සමලිංගික යුවල සඳහා ආශිර්වාද කිරීමට පුජකවරුන්ට අවසර දීමට පටන්ගෙන ඇති නමුත්මේ පිළිබදව පල්ලියේ බලධාරීන්ගේ ස්ථාවරය මේ දක්වා අපැහැදිලි බව සදහන්වේ.

    Pope Francis2021 වසරේදි වතිකානුවේ න්‍යායික සභාව මෙම පිළිවෙතට ඉඩ නොදීමට තීන්දු කළ බව වාර්තාවූ නමුත් නවතම ඉල්මලීට ප්‍රතිකාර දක්වමින් පාප් වහන්සේ කියා සිටියේ විවාහය “පිරිමියෙකු සහ ස්ත්‍රියක් අතර ඇති සුවිශේෂී ස්ථාවර සහ නොබිදිය හැකි එකමුතුවක්” ලෙස පල්ලිය තේරුම්ගෙන ඇති අතර “මෙම විශ්වාසයට පටහැනි ඕනෑම ආකාරයක චාරිත්‍ර හෝ සම්ප්‍රදායන් වලින් වැළකී සිටිය යුතු බවත්ය. නමුත්,”ආශිර්වාදය ඉල්ලා සිටි විට, එය උපකාරය සදහා දෙවියන් වහන්සේට කරන ආයාචනයක්, වඩා හොදින් ජීවත්විමට කරන අයැදීමක්. විවාහය පිළිබඳ වැරදි සංකල්පයක් ප්‍රකාශ නොකරන ආශිර්වාද ආකාර එඩේර පුණ්‍යකර්මයක් ලෙස වටහා ගත යුතු බව” උන්වහන්සේ පැවසු බවට වාර්තා වේ. එහි වැඩිදුරටත් සදහන් වුයේ සමලිංගික යුවලකට නීත්‍යානුකූල විවාහයකින් පසුව දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට Angalican පල්ලියකට යා හැකි බවයි.

    -BBC News ඇසුරෙනි- by Aleem Maqbool [Religion editor] Christy Cooney [Rome and London]

    Photo Credits: www.gettyimages.com / www.salon.com

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page