Pineapple Gateau කියන්නෙ හරිම රසවත් dessert එකක්. ගෙදරදීම එහෙම රසවත් අතුරුපසක් හදාගන්නනෙ කොහොමද බලමු.
• අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි 120g
සීනි 120g
බිත්තර 6
බේකින් පවුඩර් මේස හැඳි 1
වැනිලා මේස හැඳි 3
විප් ක්‍රීම් 250ml
අයිසින් සීනි මේස හැඳි 3 
අන්නාසි ගෙඩියක්
සීනි කෝප්ප 1
වතුර කෝප්ප 1/2
කුරුදු පොතු කැබැල්ලක්
බ්‍රැන්ඩි මේස හැඳි 2 ( අවශ්‍ය නම් )
• සාදන ආකාරය
පිටි සහ බේකින් පවුඩර් 3 වතාවක් හලාගන්න. බිත්තර සුදු මද ,කහ මද වෙන් කරගන්න. සුදු මද වලට සිනි කෝප්පයෙන් බාගයක් දමා හොඳින් බීට් කරන්න. ඊට පස්සෙ කහ මද වලට ඉතිරි සීනි ටික එකතු කර හොඳින් බීට් කරගන්න. මීළඟට බිත්තර කහමද එකට පිටි ටිකත් දමා බීට් කරන්න. දැන් එයටම සුදු මද සහ වැනිලා එකතු කර පත්තකින් හොඳට මිශ්‍ර කරගන්න.

බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා කේක් මිශ්‍රණය අතුරා අවන් එකේ 150 c උෂ්ණත්වයේ විනාඩි 35ක් බේක් කරගන්න. ඉන්පසු එලියට ගන්නෙ නැතිව තවත් විනාඩි 20ක් පමණ නිවෙන්න තියන්න. ඒ ආකාරයට හදා ගත් ස්පොන්ජ් කේක් එක හොදින් නිවෙන්න තබා, කොටස් 3කට වෙන් කර ගන්න.
සීනි ටිකකට වතුර දමා සීනි උණු කරගන්න. සීනි ටික උණු වූ විට කුඩාවට කැපූ අන්නාසි එයට එක් කරන්න. මෙය උතුරගෙන එනකොට අන්නාසි කැබලි හා අන්නාසි සිරප් ටික වෙන වෙනම වෙන් කරගන්න.




