More
    NewsIndian military attack ඉන්දීය හමුදා ප්‍රහාරයක් ගැන පකිස්ථානය අනතුරු...

    Indian military attack ඉන්දීය හමුදා ප්‍රහාරයක් ගැන පකිස්ථානය අනතුරු අඟවයි

    -

    spot_img

    Indian military attack –ඉදිරි පැය 24ත් 36ක් අතර කාලය තුළ සිදුවිය හැකි ඉන්දීය හමුදා ප්‍රහාරයක් පිළිබඳ පකිස්ථාන අනතුරු අඟවා තිබෙනවා.පකිස්ථාන බලධාරීන් මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයකින් පසු දෙරට අතර උත්සන්න වෙමින් ඇති දේශපාලන උණුසුම මධ්‍යයේයි.

    ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ඉන්දියාව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට තමන් වෙත “විශ්වාසදායක බුද්ධි තොරතුරු” ඇති බවටයි පකිස්ථානය චෝදනා කරන්නේ.සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ කාශ්මීර ප්‍රහාරය පාකිස්තානයට පහර දීම සඳහා “ව්‍යාජ කඩතුරාවක් ලෙස” ඉන්දියාව භාවිතා කරන බවට පකිස්ථානය පවසා තිබෙනවා.

    කෙසේවෙතත් පකිස්ථාන බලධාරීන් සිය ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු ස්ථිර තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.ඉන්දීය රජයද චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.කෙසේවෙතත් පකිස්ථාන බලධාරීන් පවසා ඇත්තේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.

    කලාපයේ සිදුවන ඕනෑම බරපතල ප්‍රතිවිපාක සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් පවසන්නේ ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බවයි.ඒ සම්බන්ධයෙන් පකිස්ථානය දැඩි සීරුවෙන් සිටින නමුත් අපගේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් න්‍යෂ්ටික අවි භාවිතා කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

    දෙරට අතර උණුසුම වැඩිවීමට අදාළ හේතුව වූයේ කාශ්මීර ප්‍රහාරයට පාකිස්තාන බලවේග සම්බන්ධ බවට ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගයි.දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙයයි.මේ අතර ඊයේ පැවති ඉන්දීය ඉහළ පෙළේ ආරක්ෂක රැස්වීමකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන ආකාරය, වේලාව සහ ඉලක්කය තීරණය කිරීමට ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ඇති බවයි.

    ත්‍රස්තවාදයට දරුණු පහරක් එල්ල කිරීම ජාතික අධිෂ්ඨානය බවයි ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page