Opal Suchata 72 වැනි ලෝක රූ රැජින පසුගිය සෙනසුරාදා (ජුනි 14) සිය මව්බිම වූ තායිලන්තය වෙත පැමිණියා. තායිලන්තයේ ප්‍රථම ලෝක රූ රැජිනට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණා. Bangkok නගරයේ ඇය ගමන්ගත් මග දෙපස විශාල ජනකායක් රැස්වී ඇයට සිය සුබ පැතුම් පිරිනැමුවා. තමා පිළිගැනීමට පැමිණි ජනතාව ඇමතූ ඕපල් පවසා සිටියේ මෙම කිරුළ සෑම තායි ජාතිකයෙකුටම අයත් බවයි. මෙහිදී ඇය ඇයව කැටුව පැමිණි ලෝක රූ රැජින තරඟ සංවිධාන සභාපතිනිය Julia Morley ට ද සිය ස්තුතිය පුද කළා.
“මේක මට විශාල සතුටක්. ඔබ සැම මා කෙරෙහි තැබූ විශ්වාසයේ බලය මට දැනෙනවා. එය මගේ ඉදිරිගමන සඳහා ශක්තිය ලබා දෙනවා” යනුවෙන් ඇය පවසා සිටියා. තවදුරටත් සිය අදහස් දැක්වූ රූ රැජින පවසා සිටියේ ගෝලීය ගැටළු, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම, සෞඛ්‍ය සේවාවේ සමානාත්මතාවය ඇති කිරීම උදෙසා සිය දායකත්වය ලබා දෙන බවයි. අවශ්‍යතා ඇති, උපකාර අවැසි මිනිසුන් වෙත පිහිට වීමට මෙම කිරුළ නිසාවෙන් තමාට ඉඩ හසර ලැබී ඇති බවත් ඇය පවසා සිටියා. මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව ඇය රැස්ව සිටි ජනතාව හමුවේ පෙනී සිටිමින් සැමරුම් පෙළපාලියට එක්වුණා.
– Bangkok Post ඇසුරිනි –