More
    ArtNomadland සමහර බැඳීම් ඇතුළෙ අපි ජීවිත කාලෙටම හිරකරුවො වෙනවා

    Nomadland සමහර බැඳීම් ඇතුළෙ අපි ජීවිත කාලෙටම හිරකරුවො වෙනවා

    -

    spot_img

    Nomadland – That ring is a circle, and it never ends. And that means that your love never ends. And you may not be able to take it off, if you tried.

    ජීවිතය බෙදා හදා ගැනීමට සහකරුවෙක් හෝ සහකාරියක් අත්‍යවශ්‍යමද…? මිනිසුන් වේදනා විඳිමින්, අසීමිත කැප කිරීම් කරමින් බැඳීම් හඹා යන්නේත්, ඒවා සුරක්ෂිත කරගැනීමට වෙහෙසෙන්නේත් බැඳීම් එපමණටම ජීවිතයට අවැසි නිසා වෙන්නට ඇති. බොහෝවිට, සමුගත්තද, අහිමිව ගියද සමහර බැඳීම් විසින් අපි ජීවිත කාලයටම ඒ තුළ සිරකරුවෙක් කර තබනවා. අප අවට අප විසින් දැකිය යුතු සුන්දර ලොවක් තිබුණත් අපි බොහොම වෙහෙස මහන්සි වී අප වෙනුවෙන් නිවසක් තනා එතුළ කොටුවී සිටිනවා. එතැන අතිශය සුවපහසු බව සිතන අප ඉන් එහා ලොවක් ගැන සිතීමත් අමතක කර දමනවා. තමන් විසින් සදාගත් නිවසකත්, තමන් විසින් ඇති කරගත් බැඳීමකත් යන කාරණා දෙක අතර වැඩි වෙනසක් නෑ අපි විසින් ඉන් එහා ලොවක් නොදකිනවානම්.

    Nomadland

    කුරුල්ලෙක් වගේ එහෙ මෙහෙ සැරිසරන්න තිබුනානම්…? නමුත්, කුරුල්ලෙක්ට වඩා සංකීර්ණ පැවතුම් තියෙන මනුස්සයෙක්ට හැකිද කුරුල්ලෙක් තරම් නිදහසේ එහෙමෙහෙ සැරිසරන්න….?

    මේ කතාව ෆර්න් ගැන. ඈ මැදිවියේ ගැහැණියක්. තමන්ගෙ ස්වාමිපුරුෂයාගෙ වියෝවෙන් පස්සෙ අතීත සිහිවටන සමගින් තනිවුන ෆර්න් ඉන් පස්සෙ ජීවත්වෙන්නෙ වාහනයක් තුළ. එය තම නිවහන කරගනිමින් තැනින් තැනට යමින් සංචාරක ජීවිතයක් ගෙවන්න ඇයට සිද්ධ වෙනව. මෙතෙක් කල් බැඳීමක් ඇතුලෙ සුරක්ෂිතව සිටිය ඇයට එය අහිමි වීමත් එක්ක ඇතිවන තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනව. ඇතිවුන ආර්ථික ප්‍රශ්න එක්ක ඇයට සිද්ධ වෙනව රැකියාවක් කරන්න. ඇයට ගත කරන්න සිද්ධ වෙලා තියෙන තැනින් තැනට යාමේ ජීවිතෙත් එක්ක ඇතිවන ගැටළු අවදානම්වලට ගැහැණියක් විදිහට ඇය මුහුණදෙන අන්දමත් එක්ක මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ ඇය වැනිම, ස්ථිර වාසස්ථාන නොමැති ප්‍රජාවගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ද ලබා දෙමින්. ඔවුන් සියල්ලන්ම තමන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකා සමගින් බෙදාගන්නවා.

    Nomadland

    ජීවිතය විසින් තමාට ලබා දුන් දෙයට ඉවසිලිවන්තව මුහුණදෙමින්, ශක්තිමත් ගැහැණියක් විදිහට, ජීවිතයට මුහුණදෙන, අවට සොඳුරුබවද විඳින්න අමතක නොකරමින්, බොහෝ අය නොදන්නා සැහැල්ලුවකින් එහෙ මෙහෙ සැරිසරන ෆර්න් ගේ ජීවිතය තුළ, අපි විසින් කිසිදාක නොවිඳ ඇති අන්දමේ සුන්දරත්වයක් සැඟවී ඇති බැව් අපට වැටහී යනවා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page