Night cream එකක් ගාන එක පුරුද්දට වගේ කරාට, ගොඩක් දෙනාට මේ ගැන අවබෝධයක් නැහැ. නයිට් ක්‍රීම් ගැන දැනගන්න ඕනෙ මොනවද? සමට ගැළපෙනම නයිට් ක්‍රීම් එකක් තෝරගන්නෙ කොහොමද වගේ දේවල් මේ ලිපියෙන් කතා කරනවා.
දවල් දවසෙම මහන්සි වෙලා වැඩකරලා, මේකප්, day cream වගේ එක එක ආලේපනවලින් රෑ වෙනකොට ඔබේ මුහුණේ සම විඩාවට පත්වෙලයි තියෙන්නෙ. ඉතින් මුහුණට හොඳ පිරිසිඳු කිරීමක් වගේම පෝෂණයක් ඕනෙ. ඒ නිසා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

මොනවද මේ නයිට් ක්‍රීම්?
නමේ තියෙන විදිහට නයිට් ක්‍රීම් එකක් අපි use කරන්නෙ රෑට නිදියන්න කලින්. රෑ නින්දෙදි ඔබේ සම විවේක ගනිමින් ඉන්නකොට නයිට් ක්‍රීම් වලින් මුහුණේ සම පෝෂණය කරලා විඩාපත් සම refresh කරනවා. සම තුළ ගැඹුරින් ක්‍රියා කරන්න පුළුවන් විදිහට තමයි මේව හදලා තියෙන්නෙ.

ඇයි නයිට් ක්‍රීම් එකක් ගාන්න ඕනෙ?
නින්දේදි අපේ රුධිර සංසරණය දවල්ට වඩා හොඳින් සහ වේගවත්ව සිදුවෙනවා. දවල් දවස පුරාම සමේ රැඳුන අහිතකර දේවල් පිට කරන්නෙත් රෑ කාලෙට. ඒ නිසා නයිට් ක්‍රීම් එකකට පුළුවන් සම මත හොඳින් ක්‍රියාකාරී වෙලා පැහැපත්, මෘදු සමක් ලබා දෙන්න. සම හොඳින් පෝෂණය කර, රැලි වැටීම අවම කරලා නම්‍යශීලී කරන්නත් මේක ලොකු උදව්වක්.

නයිට් ක්‍රීම් සහ ඩේ ක්‍රීම්වල වෙනස මොකක්ද?
ඩේ ක්‍රීම් එකකින් දවල් කාලෙට සමේ තෙතමනය සුරකිමින්, අහිතකර හිරු රැස් වලින් ඔබව ආරක්ෂා කරනවා. නයිට් ක්‍රීම් කරන්නෙ දවල් කාලයේ damage වුණ සම නැවත හරි ගස්සන එක. නයිට්ක්‍රීම් එකක් ඩේ ක්‍රීම් එකකට වඩා වැඩියෙන් සමට පෝෂණය ලබා දෙනවා.

නිවැරදිව නයිට් ක්‍රීම් එකක් තෝරා ගන්නේ කොහොමද?
සමට ගැලපෙන නයිට් ක්‍රීම් එකක් තෝරාගැනීම වැදගත්. තෙල් සහිත සම, සාමාන්‍ය සම හෝ වියළි සම, ඒ වගේම ලප කැලැල් සහිත සම සඳහා විශේෂයෙන් නිපදවූ නයිට් ක්‍රීම් මිලට ගන්න පුලුවන්. ඔබේ සමේ ස්වභාවය ගැන නිවැරදිව දැනුවත්ව මිලට ගන්න.




