Fashion and BeautyNight cream ගැන දැනගන්න

Night cream ගැන දැනගන්න

-

spot_img

Night cream එකක් ගාන එක පුරුද්දට වගේ කරාට, ගොඩක් දෙනාට මේ ගැන අවබෝධයක් නැහැ. නයිට් ක්‍රීම් ගැන දැනගන්න ඕනෙ මොනවද? සමට ගැළපෙනම නයිට් ක්‍රීම් එකක් තෝරගන්නෙ කොහොමද වගේ දේවල් මේ ලිපියෙන් කතා කරනවා.

දවල් දවසෙම මහන්සි වෙලා වැඩකරලා, මේකප්, day cream වගේ එක එක ආලේපනවලින් රෑ වෙනකොට ඔබේ මුහුණේ සම විඩාවට පත්වෙලයි තියෙන්නෙ. ඉතින් මුහුණට හොඳ පිරිසිඳු කිරීමක් වගේම පෝෂණයක් ඕනෙ. ඒ නිසා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

Night Cream

මොනවද මේ නයිට් ක්‍රීම්?

නමේ තියෙන විදිහට නයිට් ක්‍රීම් එකක් අපි use කරන්නෙ රෑට නිදියන්න කලින්. රෑ නින්දෙදි ඔබේ සම විවේක ගනිමින් ඉන්නකොට නයිට් ක්‍රීම් වලින් මුහුණේ සම පෝෂණය කරලා විඩාපත් සම refresh කරනවා. සම තුළ ගැඹුරින් ක්‍රියා කරන්න පුළුවන් විදිහට තමයි මේව හදලා තියෙන්නෙ.

Night cream

ඇයි නයිට් ක්‍රීම් එකක් ගාන්න ඕනෙ?

නින්දේදි අපේ රුධිර සංසරණය දවල්ට වඩා හොඳින් සහ වේගවත්ව සිදුවෙනවා. දවල් දවස පුරාම සමේ රැඳුන අහිතකර දේවල් පිට කරන්නෙත් රෑ කාලෙට. ඒ නිසා නයිට් ක්‍රීම් එකකට පුළුවන් සම මත හොඳින් ක්‍රියාකාරී වෙලා පැහැපත්, මෘදු සමක් ලබා දෙන්න. සම හොඳින් පෝෂණය කර, රැලි වැටීම අවම කරලා නම්‍යශීලී කරන්නත් මේක ලොකු උදව්වක්.

Night cream

නයිට් ක්‍රීම් සහ ඩේ ක්‍රීම්වල වෙනස මොකක්ද?

ඩේ ක්‍රීම් එකකින් දවල් කාලෙට සමේ තෙතමනය සුරකිමින්, අහිතකර හිරු රැස් වලින් ඔබව ආරක්ෂා කරනවා. නයිට් ක්‍රීම් කරන්නෙ දවල් කාලයේ damage වුණ සම නැවත හරි ගස්සන එක. නයිට්ක්‍රීම් එකක් ඩේ ක්‍රීම් එකකට වඩා වැඩියෙන් සමට පෝෂණය ලබා දෙනවා.

Night cream

නිවැරදිව නයිට් ක්‍රීම් එකක් තෝරා ගන්නේ කොහොමද?

සමට ගැලපෙන නයිට් ක්‍රීම් එකක් තෝරාගැනීම වැදගත්. තෙල් සහිත සම, සාමාන්‍ය සම හෝ වියළි සම, ඒ වගේම ලප කැලැල් සහිත සම සඳහා විශේෂයෙන් නිපදවූ නයිට් ක්‍රීම් මිලට ගන්න පුලුවන්. ඔබේ සමේ ස්වභාවය ගැන නිවැරදිව දැනුවත්ව මිලට ගන්න.

Night cream

කොහොමද නයිට් ක්‍රීම් ගාන්නෙ ?

ඉස්සෙල්ලම මේකප් ඉවත් කරගෙන මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න. ඔබ serum එකක්, eye cream එකක් ගානවනම් ඒවා ගාන්න. දැන් නයිට් ක්‍රීම් එකෙන් කුඩා ප්‍රමාණයක් ගෙන මුහුණේ තවරා ඇඟිලි තුඩු වලින් රවුමට මුහුණ පුරාම මසාජ් කරමින් ආලේප කරන්න. ඉන්පසු බෙල්ලේ ආලේප කරන්න.
වයස විසි පහෙන් පසු අපේ සම වියපත්වීම ඇරඹෙන බැවින් නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම සමට ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක්. ඒ නිසා නිවැරදිව නයිට් ක්‍රීම් පාවිච්චියෙන් ඔබේ සම හැමදාමත් ලස්සනට තියාගන්න පුළුවන්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you