More
    spot_imgspot_imgspot_imgspot_img
    SportsNew Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට...

    New Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට විශිෂ්ඨ ජයක්.

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) ගාල්ලේදී පවතී දෙවන එක්දින තරඟය ලකුණු 111 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 329ක් රැස් කළා. එම ලකුණු 329 ට නායිකා සොෆි ඩෙවින් ගේ ලකුණු 137ක් සහ ඇමිලියා කෙර් ගේ ලකුණු 108ක් ඇතුලත්. සොෆි ඩෙවින් එම ලකුණු 137 ලබාගැනීමට පන්දු 121 කට මුහුණ දුන් අතර එයට 6 පහර 2ක් සහ හතරේ පහර 17ක් ඇතුලත්. මේ ඇයගේ 6 වන එක්දින ශතකයයි. ඇමිලියා කෙර් ලබාගත් ලකුණු 108 සඳහා ඇය පන්දු 106 කට මුහුණ දුන් අතර එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුලත්. මෙය ඇමිලියා ගේ දෙවන එක්දින ශතකයයි.

    SLC

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂදී රණසිංහ ලකුණු 68 කට කඩුලු 3ක් දවා ගත්තා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල කවීෂා දිල්හාරි පන්දු 98 කට ලකුණු 84ක් රැස්කරා. අනුශ්කා සංජීවනී පන්දු වාර 14 කින් ලකුණු 17ක් සහ කාව්‍යා කාවින්දි පන්දු වාර 31 කින් ලකුණු 15 ලබාගැනීමට සමත්වුණා. මෙහිදී පළමු එක්දින තරඟයේ අගනා ඉනිමක් ක්‍රීඩා කල නායිකා චමරි අතපත්තු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ලීආ තහූ ලකුණු 28කට කඩුලු 4ක් දවාගත් අතර ඊඩ්න් කාර්සන් ලකුණු 41 කට කඩුලු 2 ක් ලබාගැනීමට සමත්වුණා.

    SLC

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page