More
    spot_img
    NewsNarendra Modi නිල පිළිගැනීමේ උත්සවය

    Narendra Modi නිල පිළිගැනීමේ උත්සවය

    -

    spot_img

    Narendra Modi – තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට ඊයේ රාත්‍රියේ පැමිණියා.

    කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් විසින් උණුසුම් අයුරින් එහිදී පිළිගනු ලැබුවා.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 60 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණ සිටිනවා.

    එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ එරට ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතාද ඒ අතරට අයත්.

    ඉන්දීය අගාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම සංචාරයට එක්ව සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙවර ශ්‍රී ලංකා සංචාරයේ නිරත වනවා.

    ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගි වීමටද නියමිතයි.

    එහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිතව තිබෙනවා.

    ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5,000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ එහිදී සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page