Miss World 2025 – ඊයේ (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති ලෝක රූ රැජින තරඟාවලියේදී 72 වැනි ලෝක රූ රැජින ලෙසින් තායිලන්තයේ Opal Suchata (Suchata Chuangsri) කිරුළු පැළඳුවා. ඒ ලෝක රූ රැජින කිරුළ දිනාගත් පළමු තායිලන්ත සුරූපිනිය ලෙස ඉතිහාසයට එක් වෙමින්. 21 හැවිරිදි Opal නිරූපිකාවක් ලෙසින් කටයුතු කරන අතර 2024 වසරේ විශ්ව රූ රැජින තරඟාවලියේ තුන්වැන්නා වූයේද ඇයයි.
සුදු පැහැ ගවුමක් (සුවපත් කිරීම සහ ශක්තිය සංකේතවත් කරන) මල්වලින් අලංකාර කරන ලද සුදුපැහැ රෙද්දකින් ඇය සැරසී සිටියා. ඇගේ ඇඳුම විපත්ති හමුවේ පවා එඩිතර වන ගැහැණුකම් සංකේතවත් කළා. රූ රැජිණ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Just Like the Opal, I Shine in My Own Light යනුවෙන් සටහනක් තබා තිබුණා. (Opal යනු මැණික් වර්ගයකි)
මේ මොහොත තම පෞද්ගලික ජයග්‍රහණයක් නොව බලාපොරොත්තුවේ සහ වෙනසක් ඇතිකිරීමට කැමති සෑම යුවතියකගේම සිහිනයක් සැබෑ වීමක් බවත් රූ රැජින උරුමය නියෝජනය කරන්නට ලැබීමත් වෙනසක් සඳහා රූ රැජින ලෙසින් තම කාලය භාවිතා කිරීමට ලැබීම ගෞරවයක් බවත් ඇය පවසා සිටියා.
පළමු අනුශූරතාවය සෝමාලියානු රූ රැජින Hasset Dereje ටත් දෙවන අනුශූරතාවය පෝල්න්ත රූ රැජින Maja Klajda ටත් හිමිවුණා. ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ අනුදි ගුණසේකර පිළිබඳව ලාංකිකන් දැඩි බලාපොරොත්තු තබා සිටියද, තරඟාවලියේ අවසන් 40 දෙනා අතරට පැමිණීමටවත් ඇයට හැකියාව ලැබී තිබුණේ නැත.
– NDTV ඇසුරිනි –