Newsලසන්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

ලසන්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

-

spot_img

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු කැකෙනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී එම ඝාතනයේ වෙඩික්කතු බව කියන මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණු බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශන වලදී පැය කීපයක් ඇතුළත එම සැකකරු මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඳුම් අලෙවි සලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ඉමදූව, අඟුලු ගහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍යය අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකර පොලිස්් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා කීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ගාල්ල සහ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ගෙවල් 50 ප්‍රදේශයේ කමතක අත් හැර දැමූ කුඩා නිවෙසකදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහක මුදලක්, අයිස් මත්ද්‍රව භාවිත කිරීම් සඳහා යොදා ගන්නා උපකරණයක් පොලිසිය සොයාගෙන තිබුණි.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි පිරිසක් පොලිසිය සමඟ පොර බැඳීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණි.

අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සීසි ටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූ අතරමඟදි යතුරු පැදිය මාරු කර වෙඩික්කරු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you