NewsKite flying restricted - සරුංගල් යැවීම සීමා කෙරේ

Kite flying restricted – සරුංගල් යැවීම සීමා කෙරේ

-

spot_img

Kite flying restricted – ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පහක ගුවන් මෙහෙයුම් කටයුතු සිදුවන අතර, ඒවා නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන, මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.

ශ්‍රී ලංකාවේ දෛනික ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුවන මෙම ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5 ක වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් යැවීම එම මෙහෙයුම් කටයුතු වලට බාධා ඇතිවන සේම ඒ තුළින් දැඩි ජීවිත හා දේපළ අවධානමක් ගෙන දෙන කරුණක් බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම පවසනවා.

සරුංගල් ගුවන් යානා එන්ජින් මගින් ඇද ගැනීම හෝ ගුවන් යානා ප්‍රචාලකවල (Aircraft Propellers) පැටලී එන්ජින් ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් එන ගුවන් යානා වලට අනතුරක් විය හැක. එබැවින් කිලෝමීටර පහක (5Km) වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් වස්තුවක් ගුවනේ නොයැවිය යුතුය.

එම හේතුවෙන් ගුවන් තොටුපළ ආශ්‍රිතව සංරුගල් යැවීම සිදු නොකරන ලෙස ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජනතාවගෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම ඉල්ලා සිටිනවා. එමෙන්ම වගකිවයුතු පුරවැසියන් වශයෙන් ඒ පිළිබඳව තම කුඩා දරුවන්ද දැනුවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

යම් හෙයකින් මෙම කරුණ පැහැර හරින්නේ නම්, එය පවතින නීතිමය රාමුව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම අවධාරණය කර සිටී.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you