Tooth Relic Exhibition – ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල පවසනවා.
ඒ අනුව පෝලිම් තුනකින් ජනතාව එකතු කරගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනුව, වැව රවුම වටා පෝලිම් දෙකක් සහ ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ තවත් පෝලිමක් යොදවන බවයි අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර සිටියේ.
මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ පුවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, නගරයට වාහන බොහෝ ප්‍රමාණයක් ඇතුළු වුවහොත්, නගරයට පෙර එම වාහන නවත්වා, ඒ පිරිස් විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පවසා සිටියා.
එසේම, ආබාධ සහිත, මහලු හා වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුවහොත් නවාතැන් ගැනීමට, කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
එසේම දළදා වහන්සේට පුජා කරන පුජා භාණ්ඩ හැර අන් කිසිවක් මාළිගාව තුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවත්, ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත්, එය ක්‍රියා විරහිත කර තබා ගත යුතු බවත්, කිසිවිටෙකත් ඡායාරූප ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවයි පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර 27 වැනිදා දක්වා දින දහයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.