More
    NewsJennifer Hermoso බලහත්කාර සිප ගැනීම

    Jennifer Hermoso බලහත්කාර සිප ගැනීම

    -

    spot_img

    Jennifer Hermoso – මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කල ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩිකාවක වන Jennifer Hermoso සිකුරාදා පැවසුවේ, පාපන්දු ප්‍රධානියා තමාව සිප ගැනීමේ සිද්ධිය “සාධාරණීකරණය කළ හැකි කිසිදු ප්‍රකාශයක් කිරීමට” තමා කිසිදු අනුබලයක් නොදුන් බවයි. “මට අවධානමක් දැණුනා, ආවේගයෙන් කරන දෙයක ගොදුරක් බවට මම පත් වුණා කියලා. මගේ අනුමැතියක් නොමැතිව ඒ ස්ථානයේදී වු සිද්ධියෙන්. සරලවම ඔහු මට කිසිම ගරු කිරිමක් කළේ නෑ” ඇය සමාජ මාධ්‍ය වෙත පවසා තිබිණි.

    Jennifer Hermoso

    රාජකීය ස්පාඤ්ඤ පාපන්දු කන්ඩායමේ සභාපති Luis Rubiales පසුගිය ඉරිදා ඔස්ට්‍රේලියාවේ Sydney නුවර පැවති තරගය අවසානයේ පදක්කම් ලබා ගැනීමෙන් පසුව ස්පාඤ්ඤ ක්‍රිඩිකා Hermoso ගේ දෙතොල් බලහත්කාරයෙන් සිප ගන්නා අයුරු රූපගත වී තිබුණි. 33 හැවිරිදි ජයග්‍රාහිකාව පසුව පවසා තිබුනේ මෙම ක්‍රියාවට තමන් අකමැති බවත් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවු බවත්ය. සතියක පමණ දැඩි විවේචන වලින් පසුව සිකුරාදා පැවති මහා සභා සම්මේලනයේදි 46 හැවිරිදි Rubiales පැවසුවේ “තමා ඉල්ලා අස් නොවන බවත්, අවසානය දක්වා සටන් කරන” බවත්ය.

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: CNN news.com

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page