More
    NewsIsraeli විදුහල්පතිනියකට ලිංගික අතවර චෝදනා

    Israeli විදුහල්පතිනියකට ලිංගික අතවර චෝදනා

    -

    spot_img

    Israeli – ඕස්ට්‍රේලියාවේ යුදෙව් පාසලක සිසුවින් දෙදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු හිටපු ඊශ්‍රායල් විදුහල්පතිනියකට වසර 15 දක්වා සිර දඩුවම් නියම වීමට නියමිතය. මෙම විදුහල්පතිනිය වන Malka Leifer 2003 සහ 2007 අතර කාලයේදී Dassi Erlich සහ Elly Sapper යන සහෝදරියන් දෙදෙනා අතවරයට ලක්කොට පහර දුන් බවට ජූරි සභාවක් අප්‍රේල් මාසයේ සොයා ගන්නා ලදී. නමුත් තුන් වන සහෝදරිය වන Nicole Meyer අපයෝජනය කිරීමේ චෝදනාවෙන් 56 හැවිරිදි මෙම විදුහල්පතිනිය නිදොස් විය. ඇයගේ දඩුවම 15 වසරකට සීමා වන්නේ ඇයගේ දරුවන් අට දෙනා නිසයි. වසර ගණනාවක් ඊශ්‍රායලයේ රැදී සිටි ඇය ව්‍යාජ මානසික රෝගි තත්ත්වයක් පෙන්වමින් සිට ඇති අතර 2021 දී ඊශ්‍රායල් විනිසුරුවරියක් ඒ බව දැන ගත් පසුව ඇයව ඕස්ට්‍රේලියාවේ Malborne වෙත යැවීමට නියෝග කළාය.

    Israeli

    අගුළු දැමු පන්ති කාමරවල, පාසල් කඳවුරුවල සහ පාසල් ප්‍රධානියාගේ නිවසේදී ඇය මෙම සහෝදරියන් අපයෝජනය කළ බවට සාක්ෂි ලැබි තිබුණි. පසුගිය 18 වැනිදා චෝදනා 18ක් විස්තර කරමින් විනිසුරු Mark Gamble පැවසුවේ ඇය “ද්‍රෝහි” තැනැත්තියක බවයි. ඇය ඊශ්‍රායලයේ Adass පාසලේ ගෞරවාදරයට පාත්‍රවූ චරිතයක් වුවාය. නමුත් නිවසේදී ඇය සහ ඇගේ සහෝදරියන් ඔවුන්ගේ මවගෙන් ශාරිරික සහ මානසික හිංසනයන්ට නිරතුරුවම ලක් වුහ. ඔවුන්ට මවගේ ආදරය සහ රැකවරණය නිසි ලෙස නොලැබුණ අතරම ලිංගිකත්වය පිලිබදවද කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු බවද කියවේ.

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: bbc.com

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page