Iran launches counterattacks – ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය අද අලුයම ඊශ්‍රායලයේ ටෙල්අවීව් අගනුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා. ඊශ්‍රායලයයේ හමුදා කඳවුරු සහ ගුවන් තොටුපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඊශ්‍රායල අගනුවර ටෙල්අවීව්හි අහස කළු දුමාරයකින් වැසී තිබුණු බවත් ජෙරුසලමේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් එම වාර්තාවල දැක්වෙනවා.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.